ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගනිමින් මුහුදු කූඩැල්ලන් බෝ කිරීමේ විදේශික ව්‍යාපාර නවතා දමන ලෙස උතුරේ ධීවරයෝ ආණ්ඩුවෙන් ඉල්ලති.
එම ව්‍යාපෘති නිසා තම ජීවිකාව අහිමි වන තත්වයක් උදාවී ඇති බවද එම ධීවරයෝ පෙන්වා දෙති.  
 
උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් තවාන් ව්‍යාපෘතියක් රාජපක්ෂ ආණ්ඩුව විසින් දියත් කරනු ලැබුවේ ඉකුත් පෙබරවාරියේදීය. 
 
ඒ යටතේ බොහෝ දෙස් විදෙස් සමාගම් හා පුද්ගලයන් පැමිණ ඉඩම් අත්පත් කරගනිමින් මුහුදු කූඩලු කොටු ඉදි කර තිබේ. මුහුදු කූඩැල්ලන් ලෝක වෙළඳ පොළේ ඉහල මිලක් ඇති සුඛෝපභෝගී  ආහාරයකි.
 
 ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා එක්වූ කිලිනොච්චියේ ධිවර සංගම් 16 ක්  විරෝධය දක්වන්නේ චීන ආයෝජකයන්ට අයත් කවුදාරිමුනෛ මුහුදු කූඩැල්ලන් ඇති කිරීමේ ව්‍යාපෘතිය මගින් විදේශිකයන්ට දේශීය සම්පත් සුරාකෑමට ආණ්ඩුව අවස්ථාව ලබා දී බවට පවසමිනි. 
 
මේ පිළිබඳව ධිවර ඇමති ඩග්ලස් දේවානන්ද ඇතුළු ආණ්ඩුවේ බලවතුන් දැනුවත් කළ ද මේ මගින් ධිවර කර්මාන්තයට නව තාක්ෂණය ලබා ගැනීමට හැකි බව ඔවුන් කී බව ධීවරයෝ පවසති. කිළිනොච්ච් කවුදාරිමුනෛ  අක්කර දෙකක මුහුදු කූඩැල්ලන් කොටු 150 ක්  ආයෝජන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකය.
 
 
 
21 610779c1585f6 
‘’මේ මුහුදු කූඩැල්ලන් ඇති කිරීමේ තාක්ෂණය කිසිදු දේශීය ධීවරයෙක්ට ලැබෙන්නේ නැහැ. ඔවුන් මේ කොටුවල ධීවර කම්කරුවෝ විතරයි,’’ යැයි ඉකුත් දිනෙක කිළිනොච්චි ධීවරයන්ගේ ගැටළු සොයා බැලීමට ගිය ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධිකාරක ඇන්ටන් ජෙසුදාසන් පවසයි.
 
 
අදාළ තාක්ෂණය මෙම ධීවරයන්ට ලබා දීමට  ආණ්ඩුව මැදිහත් වන්නේ නම් විදේශිකයන්ට නොදී දේශීය ධිවරයන්ටම මුහුදු කූඩලු තවාන් පවත්වා ගෙන යමින් නිෂ්පාදනය පුළුල් කිරීමේ හැකියාව ඇති බව පෙන්වා දෙන  ජේසුදාසන් වැඩිදුරටත් කියා සිටියේ,  “ කිළිනොච්චියේ විතරක් නොවේ අනෙක් පැති වල තියෙන විදේශ ව්‍යාපෘති ගැනත් ඒවායෙන් ධීවරයන්ට  ගැටලු තියෙනවා,” යනුවෙනි.
 
 රට පුරා ලක්‍ෂ 20 කට වැඩි පිරිසක්  මෙරට ධීවර කර්මාන්තයේ නියැලී සිටී.
 
IMG 20210803 WA0003
 
IMG 20210803 WA0002
 
 
 
THE LEADER TV 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා? 
ස' බැසිල් මලයාගේ සරම කඩයි! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්