උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටේම මිලිටරිකරණයට එරෙහිව මීගමුවේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
 
අගෝස්තු 5 බ්‍රහස්පතින්දා හවස මීගමු නගරයේදී   දියත් කළ විරෝධතාවය සංවිධානය කර තිබුනේ ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය විසිනි.
 
කොතලාවල පණත හකුලා ගනිව්! උතුරු නැගෙනහිර ඇතුළු සමස්ත රටේ මිලිටරීකරණයට තිත තබනු යන ප්‍රධාන බැනර පෙරටු කරගනිමින් පැවැති විරෝධතාවයේදී විදුහල්පති, ගුරුවරුන් දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකිමු, අධ්‍යාපනය මිලිටරීකරණය නොකරනු, නිදහස් අධ්‍යාපනයට අත නොතබනු, මිලිටරීකරණයට එරෙහි වෙමු ආදී සටන් පාඨද ඇතුලත් කරගෙන තිබුනි.
 
මුඛ ආවරණ පැළද සමාජ දුරස්ථ භාවය ආරක්ෂා වන අයුරින් විරෝධතාවය දියත් කිරීමට උද්ඝෝෂකයෝ  කටයුතු කර සිටියහ.
 
විරෝධතා භුමිය ආසන්නයේ  නිල ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන් විශාල පිරිසක් රාජකාරියේ යොදවා සිටි බව සිවිල් සංවිධාන ක්‍රියාධරයෝ වැඩි දුරටත් පවසති.
 
224263868 694245285309004 367398323500503187 n
219896602 694245061975693 8469978612218982825 n
 

 
THE LEADER TV 
 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා? 
 

 
ස' බැසිල් මලයාගේ සරම කඩයි! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්