පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටකට අධික පිරිසක් වසරකට ආසන්න කාලයකින් පසු ශාරීරික
ලෙස අධිකරණයට ඉදිරිපත් කර ආපසු රිමාන්ඩ් ගතකර තිබේ.
 
අගෝස්තු 5 බ්‍රහස්පතින්දා මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන් හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් හැට පස් දෙනා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිසක් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
දිවයින පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගත තත්වය හේතුවෙන් වසරකට ආසන්න කාලයක් සැකකරුවන්  අධිකරණය හමුවට ඉදිරිපත් නොකළ නමුත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම කාලය තුළ නඩු කටයුතු ක්‍රියාත්මක වු බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු කියා සිටිති.
 
ඊයේ (05) අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබු සැකකරුවන් දිවයිනේ විවිධ පළාත් තුළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පිරිසක් බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.
 
මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.එම්. රිස්වාන් දිනයේ නියෝග කර ඇත්තේ, සැකකරුවන් තවත් දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
 
 සැකකරුවන්  අතුරින් වැඩි පිරිසක් කාත්තන්කුඩි, කල්මුනේ, සයින්දමරදු, සම්මන්තුරේ ආදී ප්‍රදේශ වල පදිංචි කරුවන් බව වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.
 
signal 2021 08 05 114403 002signal 2021 08 05 114403 004signal 2021 08 05 114403 005 
 
 
මිනිස් ජීවිත 268 ක්
 
 
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ලෙස ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ ඉන්නා තිදෙනකුට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය චෝදනා ගොනු කොට ඇතත්, ත්‍රස්ත නීති යොදාගෙන දිවයින තුල සිරකොටගෙන ඉන්නා සිය ගණනකගෙන් කිසිවකුටත් අදත් නඩු පවරා නැත. 
 
 දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින්  2019 අප්‍රේල් මස 21 වන දින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා 250 කට අධික සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් මියගියහ.
 
 කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල දෙවසරකට ඉහතදී  බෝම්බ පිපිරීම් සිදු වුයේ  පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.
 
 

THE LEADER TV 
 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා? 
 
 
ස' බැසිල් මලයාගේ සරම කඩයි! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්