පානදුර මහ රෝහලේ හා නාගොඩ රෝහලේ මෘතශරිරාගාරය (මෝචරිය) තුල ද මේවනවිට කෝවිඩ් 19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු
ගොඩගසා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
 
පානදුර රෝහල් මොචරියේ එකවර මළසිරුරු 12ක් පමණක් තැම්පත් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් වුවද මේවනවිට මළසිරුරු 37 ක් ගොඩගසා ඇතයි ද ඉහත ආරංචිමාර්ග කියා සිටියි.
 
ඇතැම් මෘතදේහයන් බාර ගැනීමට කිසිවකු හෝ මේ දක්වා ඉදිරිපත්ව නොමැත්තේ එසේ මියගිය පුද්ගලයින්ගේ පවුලේ ඥාතින්ද කෝවිඩ් ආසාදනය වීමෙන් රෝහල්ගතකර ඇති නිසා බව පැවසේ. 
 
Panadura H 1

කෝවිඩ් අසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කිරීම සඳහා ප්‍රදේශයේ ආදාහනාගාර පැය 24 තුලම විවෘතව තැබීමට කටයුතු කර ඇතැයි  ද වාර්තාවේ. 
 
ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල විමසීමක දී පානදුර මහ නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක පැවසුයේ, තත්වය දවසින් දවස බරපතල වෙමින් පවතින බවයි. 
 
පානදුර රෝහල තුල කෝවිඩ් මළසිරුරු විශාල ප්‍රමාණයක් තිබෙන බව තහවුරුකර සිටි නගරාධිපතිවරයා, එම තත්ත්වය තුල පානදුර ආදාහනාගාර රාත්‍රී 9.00 හා රාත්‍රී 12.00 වශයෙන් දේහයන් ආදාහනය කිරීමට සැලසුම්කර ඇතැයි පැවසිය. 
 
 
 
 
THE LEADER TV 
 

නාමල්ගේ ඇඳන් වලට වෙච්ච දෙයක්!

 
 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්