කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූ වරදට අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ
 
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප් යන ශිෂ්‍යයින් දෙදෙනා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබා ඇත.
 
අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට බරපතළ තුවල සිදු කිරීම, සංචරණ සීමා කඩ කරමින් සෙනඟ ප්‍රවාහනය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් කඩුවෙළ අධිකරණයට ඉදිරිපත් කළ පස්දෙනාගෙන් මොවුන් දෙදෙනා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් අනෙක් තිදෙනා ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙසත් කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක නියෝග කළේය.
 
බස් රථවලින් සෙනග ප්‍රවාහනය කළ බව කියන ආර්.ඒ. රජිත, ජයන්ත උපුල්, ගුණතිලක ගෙදර නිලවීර යන තිදෙනා ඇප මත මුදා හැරියේය.
 
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ රත්මලාන, සිරස Stein මැදිරියේ පැවති ‘මාවත’ වැඩසටහනට සහභාගිව පිටත්ව යමින් සිටියදී, අද(6) අලුයමදී ඔහු අත්අඩංගුවට ගනු ලැබිය. 
 
 

 
මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ,  ඔවුන්ට විරුද්ධව ඇති චෝදනාව වන්නේ ජූලි 3වැනිදා පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම යන කරුණුය.
 
මෙම දෙදෙනාට අමතරව, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෑන් රථවලින් කොළඹට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් පිරිස් ප්‍රවාහනය කළ වෑන් රථ 3 ද පොලිස් භාරයට භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. 
 
ජූලි වැනිදා විරෝධතාවට සහබාගි වී ස්ථානයෙන් පිටව යමින් සිටියදී පෙ.ස.ප. දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත හා සිසු ජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි අත්අඩංගුව ගන්නා ලද අතර, ඔවුන් අගෝස්තු 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
THE LEADER TV 
 

නාමල්ගේ ඇඳන් වලට වෙච්ච දෙයක්!

 
 
ජනපති ප්‍රකාශය කෙහෙළිය විකෘති කරලා? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්