අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජය කිරීමට විරෝධතා දක්වන
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන වල ඉදිරි පෙළ නායකයන් සිරගත කිරීමේ සැළැස්මක් පොලීසිය හරහා ක්‍රියාත්මක කරමින් කරමින් සිටින බවට රාජ්‍ය හා පෞද්ගලික අංශවල ප්‍රධාන පෙලේ වෘත්තීය සමිති ගණනාවක් ආණ්ඩුවට චෝදනා කරයි.
 
අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසළ පැවති විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ නායකයන් ගණනාවක් පොලීසිය විසින් අනීතික ලෙස මේ වන විටත් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය  පවසන්නේ.
 
"කම්කරු අරගල මධ්‍යස්ථානයේ චමීර කොස්වත්ත, කෝෂිලා සහෝදරිය සිරස ප්‍රවෘත්තිමය වැඩ සටහනකට සම්බන්ධ වී ආපසු එමින් සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප ඇතුළු නායකයන් රැසක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන තිබේ."
  
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ නිවේදනය කර තිබුනේ තම සංවිධානයේ කැඳවුම්කරු  වසන්ත මුදලිගේ හා ජයවර්ධනපුර සරසවියේ සිසු නායක අමිල සංදීප අගෝස්තු 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි.
 
සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් හා එක්වූ නිල ඇඳුමින් සිටි පොලිස් නිලධාරියකු ඊයේ රෑ මහමග යමින් සිටි වසන්ත මුදලිගේ මාංචු ලා ගෙනයනු මාධ්‍යවේදීන් විසින් රූගත කර තිබුණි. මහමගදී පැහැරගෙන ගොස් දවසක් තිස්සේ ආගිය අතක් නැතිව සිටි අමිල සංදීප අත් අඩංගුවේ පසුවන බව පොලිසිය පසුව හෙළි කළේය.
 

 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අමින්ද ලක්මාල් බස් රියක ගමන් කරමින් සිටියදී පොලිසියේ යයි තමන් හඳුන්වාගත් පිරිසක් ඔහු පැහැර ගැනීමට කළ උත්සාහය ආචාර්යවරුන්, සිසුන් ඇතුළු මගීන්ගේ දැඩි මැදිහත්වීමෙන් වලකා ගන්නට හැකිවනු සමාජ මාධ්‍ය ජාලවල පලවී තිබුණි.
 
 
 
පොලිස් ඔත්තුකාරයෝ 
 
පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ වසර 100 කට වැඩි කීර්තිමත් ඉතිහාසයක් සහිත වෘත්තිය සමිතියක් වන ලංකා වතු සේවා සේවක සංගමයේ,  සභාපති හා පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වන චතුර සමරසිංහ වෙත ද පොලිස් මර්දන ක්‍රියාවලියක් දියත් වෙමින් තිබෙන බවට සිය සංවිධානය වෙත වාර්තා වී තිබෙන බවයි.
 
fdrbvb චතුර සමරසිංහ
 
 
වෘත්තිය සමිති නායකයා පසු පස පොලිස් ඔත්තුකරුවන් යොදවා ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
 
"ඔහුගේ නිවස වෙත පැමිණි නිවැසියන් බිය වැද්දීම් කොට සේවා ස්ථානයන් සොයා පොලිස් ඔත්තුකරුවන් යොදවමින් සිටී. චතුර සමරසිංහ 03 දා පැවති උද්ඝෝෂණයේ දී රැලිය ඇමතූ සහෝදරයෙකි."
 
එසේම ගුරු විදුහල්පති වර්ජනය විසඳීම වෙනුවට ආණ්ඩුව උද්ඝෝෂණකරුවන් අත් අඩංගුවට ගනිමින් රටේ දරුවන්ගේ මුළු මහත් අධ්‍යාපනයම විනාශ මුඛයට ඇද දැමීමේ උත්සාහයක නිරත වෙන බව බවටත් පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය චෝදනා කරයි.
  
දැනට රට තුළ ක්‍රියාත්මකව පවතින විශ්වවිදනල පද්ධතිය නියාමනය කෙරෙන 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත බලරහිත කරමින් කොතලාවල විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටී.
 
අධ්‍යාපනය හමුදාකරණය කිරීමේ උත්සාහය  ඇතුළු ආණ්ඩුවේ මෙම අනීතික ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන් සහ සාමාන්‍ය ජනතාව දැනටමත් ප්‍රබල විරෝධතාවයක් පළ කරමින් බව පෙන්වා දෙන පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය වැඩි දුරටත් අවධාරණය කරන්නේ මෙම අරගලය බලහත්කාරයෙන් මැඩ පැවැත්වීම සඳහා වෘත්තීය සමිති නායකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ කොටස් පොලිස් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ සැළැස්ම බව පෙනෙන බවයි.
 
ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කෙරෙන මරු පහරක් ලෙසින් හදුන්වන පොදු දේපල හා මානව හිමිකම් සුරකීමේ මධ්‍යස්ථානය පවසන්නේ, කොවිඩ් වසංගතය පිළිබඳව නොතකා ජනතාව උද්ඝෝෂණ ක්‍රියා මාර්ගයන්ට කැඳවන ආණ්ඩුවේ මෙම මර්දන ක්‍රියාවලිය සිය  සංවිධානය දැඩිව හෙළා දකින බවයි.
 
මෙම උද්ඝෝෂණ යටපත් කිරීම සඳහා ආණ්ඩුව ගෙනයන මර්දනකාරී වැඩ පිළිවෙළට විරෝධය පළ කිරීමටත් ඒ සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයන් ගැනීමටත් පහත සඳහන් වෘත්තීය සමිති වලින් සැදුම්ලත් පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය කොන්දේසි විරහිතව තීරණය කර ඇති බව ඔවුන් වැඩි දුරටත්  නිවේදනය කර තිබේ.
ලංකා බැංකු සේවක සංගමය (CBEU), ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමය(CMU), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), ලංකා වතු සේවා සංගමය (CESUD), එක්සත් කම්කරු සම්මේලනය (UFL), තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (UPTO), ශ්‍රී  ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය (SLWJU), එක්සත් පොදු සේවා සංගමය (CCMU), වාණිජ හා කාර්මික සේවක සංගමය (CIWU), රක්‍ෂණ සේවක සංගමය (IEU), තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය (AEUIT), ලංකා ගුරු සංගමය (CTU), දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව (RPTUA), ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය (TEDA), ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය (FBTIE), ස්වාධීන තටාක සේවක සංගමය (IDWU), ජාතික නිදහස් වෘත්තීය සමිතිය රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, ලංකා වැවිලි සේවා සංගමය (CPSU), ඉඩම් හා කෘෂිකාර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය(MONLAR) හා PROTECTපොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය  හා සම්බන්ධ වෘත්තීය සමිති හා සංවිධාන වේ.

 


 

 
THE LEADER TV 
 

 

බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?

නාමල්ගේ ඇඳන් වලට වෙච්ච දෙයක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්