ශ්‍රී ලංකාවේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය මර්දනය සඳහා සෞඛ්‍ය අංශ පෙරමුණ ගත යුතු බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසයි. 
 
ඔහු එබව සඳහන් කර සිටියේ, ඩෙල්ටා ප්‍රභේදයෙන් තවත් ජීවිත බේරාගැනීම පිණිස ගත යුතු පියවර කවරේ දැයි පැහැදිලි කරමින් බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
 
 
මහාචාර්යවරයා පවසන පරිදි:
 
 
# මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පවතින්නේ රටේ සෞඛ්‍ය සේවයේ ධාරිතාව ඉක්මවා යන මට්ටමේ ඉතාමත්ම හදිසි තත්වයකි.
 
 
# කොරෝනාවෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම සහ වෙනත් හේතු මත කොවිඩ්-19 රෝගය පෙරට වඩා වැඩි වේගයකින් පැතිරෙමින් තිබේ.
 
 
# ඔක්සිජන් අවශ්‍ය රෝගීන් පිරිස ද ක්‍රමයෙන් වැඩි වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔක්සිජන් සිලින්ඩර් මෙන්ම ඔක්සිජන් දීමේ උපකරණවල ද හිඟයක් පවතී.
 
 
# දැනට එන්නත්කරණය ක්‍රියාත්මක වන අන්දම ප්‍රශස්ත වන අතර, එන්නත්කරණය අත්‍යවශ්‍ය වුව ද ජීවිත බේරාගැනීම පිණිස එන්නත්කරණය පමණක් ප්‍රමාණවත් නැත.
 
 
 
# එන්නත්කරණයෙන් පමණක් රෝගය පාලනය කිරීමට නම් රටේ ජනතාවගෙන් 90% කට ප්‍රතිශක්තිය තිබිය යුතුය (නොඑසේනම් එන්නත් දෙකම ලබාගෙන තිබිය යුතුය)
 
# සංචරණ සීමාවලින් කිසියම් ප්‍රමාණයක් නැවත පැනවීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතුය.
 
 
# දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය වෙනුවට අනෙක් සියලු අංශවල ද සහය සහිතව සෞඛ්‍ය අංශ වසංගත මර්දනයේ පෙරමුණට පැමිණිය යුතුය.
 
 
# නිරෝධායනය යනු ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනක් විනා දඬුවමක් නොවේ; එහිදී ජනතාවට කිසියම් පීඩාවක් ඇතිවිය හැකි වුවත් එම පීඩාව අවම වන ආකාරයට කටයුතු කළ යුතුය.
 
 
# ජනතාව සෙනග විශාල වශයෙන් ගැවසෙන, වාතාශ්‍රය අඩු, පිරිසිදුභාවය අඩු තැන්වල ගැවසීමෙන් වැළකිය යුතුය.
 
 
# පවතින තත්වය හමුවේ සේවායෝජකයින් ද මුර ක්‍රමය ඇතුළු වෙනස් ක්‍රමවේද සකස් කළ යුතුය
 
 
(මහාචාර්ය ඉන්දික කරුණාතිලක සමග සාකච්ඡා කළේ, සරෝජ් පතිරණ)
 
 
(BBC සිංහල සේවය)
 
 
THE LEADER TV 

 

බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?  

නාමල්ගේ ඇඳන් වලට වෙච්ච දෙයක්! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්