තම පුත් විමුක්ති කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත් මුළුමනින් ම අසත්‍ය හා පදනම් විරහිත බව
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අවදාරණය කර සිටියි. 
 
එවැනි ප්‍රචාරයන් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ශේප කරන බවද ඇය කියා සිටියි.
 
හිටපු ජනාධිපතිනිය එබව සඳහන් කර ඇත්තේ, ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
 
එම සටහනේ මෙසේද සඳහන් වේ. 
 
''ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුට ද උරුම කරවීමේ කිසිදු අදහසක් මට ද නොමැත. 
 
ඔහු අප රටට බෙහෙවින් ආදරය කළද, රට වෙනුවෙන් සේවය කළහැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බව ද පවසනු කැමැත්තෙමි.
 
එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන් සියලු ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ''
 
Screenshot 2021 08 07 at 5.37.39 PM 
 
 
 
 
THE LEADER TV 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්