'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් අලුතින් ලබා දීමේ දී සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.


ඒ, ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දීමේදී සිදුවී යැයි කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කරන්නැයි සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත කළ පැමිණිල්ලකට අනුවය.

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම, ද්විත්ව පුරවැසිභාවය ප්‍රකාශ කිරීම සහ මෙම චෝදනාවලට අදාළ රජයේ වාර්තා අතුරුදහන් වීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කර ඇති “සාපරාධී ක්‍රියාකාරකම්” පිළිබඳ චෝදනා විමර්ශනය කරන ලෙස ඉල්ලා එසේ පැමිණිලි කර ඇත්තේ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ප්‍රවීන දේශපාලන විචාරකයකු මෙන්ම සාහිත්‍යවේදියකු වන ගාමිනි වියන්ගොඩ යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනාය.

ජනාධිපති මැතිවරණයට තරඟ කිරීමට අදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව පුරවැසි බලයේ කැඳවුම්කරු වන ගාමිණී වියන්ගොඩ සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. “ඔබ දන්නා පරිදි පුද්ගලයෙකු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔවුන්ට එරෙහි සියලු අපරාධ නඩු නතර වනු ඇත” යන්නද එහි සදහන් කර ඇත.

 “ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට මේ සම්බන්දව පරීක්ෂණයක් කිරීම අතිශයින්ම වැදගත් වේ” යැයි වියන්ගොඩ තම පැමිණිල්ලේ දක්වා ඇත. 

 වියන්ගොඩ පවසන ආකාරයට මෙම තොරතුරු මගින් සාපරාධී වැරදි අනාවරණය වී ඇත්ද සහ රාජපක්ෂ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තේද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය.

 තේනුවර විසින් ඉදිරිපත් කල පැමිණිල්ලේ ගෝඨාභය නම් කර නැතත් එහි මෙලෙස දක්වා ඇත. “අදාළ පුද්ගලයාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ දූෂණය යන චෝදනා යටතේ නඩු පවරා ඇත.”


Gamini viyangoda latter
ගෝඨා කියන කතාව !

 නව විදේශ ගමන් බලපත්‍රයේ ද්විත්ව පුරවැසි මුද්‍රාවක් නොමැති බවත් එමගින් තමා දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු බව පෙන්නුම් කරන බවත් ගෝඨාභය මාධ්‍යයට පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපද පුරවැසිභාවය ප්‍රතික්ෂේප කිරීම සහ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා ඔහු නැවත ඉල්ලුම් කිරීම මෑත කාලයේ සාමාන්‍ය ජනතාවගේ කුතුහලයට තුඩු දුන් ප්‍රධාන කරුණු දෙකක් වන අතර කෙසේ වෙතත්, මෙම කිසිදු ගැටලුවකට පිළිගත හැකි ප්‍රතිචාරයක් දැක්වීමට ඔහු මෙතෙක් අසමත් වී ඇත.

 මේ අතර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මාධ්‍යයට පවසා ඇත්තේ, ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ සිය අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.

ද්විත්ව පුරවැසිභාවය ලබා දීම, එය ප්‍රතික්ෂේප කිරීම සහ ශ්‍රී ලංකා පුරවැසිභාවය සඳහා නැවත ඉල්ලුම් කිරීම යන විෂයයන් අබේවර්ධන අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් වේ.

මිට අදාල සම්පුර්ණ වාර්තාව මෙන්න 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්