මෝචරි වල ඇති වී තිබෙන තදබදය නිසා මරණය වළක්වා ගැනීම සුදුසු බව
කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුම් සටහනක් තබමින් ඇය මෙම ඉල්ලීම කර ඇත.
රජයෙන් අනතුරු ඇඟවීමක් ! : එළියට බහින්නවත් එපා !
මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලොව අනෙකුත් රටවල් මෙන් මෙරටත් කොවිඩ්- 19 ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යාම හමුවේ, සෑම පුද්ගලයෙකුම රෝගයට ගොදුරු වීමේ අවදානමකට මුහුණ පා සිටින බවයි.
ආසාදිතයින් වැඩි පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුවන අතර ආසාදිතයින්ගෙන් 1.5% පමණ ජීවිතක්ෂයට පත්වන බව ද එහි සඳහන් ය.
වෛරසයට ගොදුරු නොවී සිටීමට නම්, පහත උපදෙස් තරයේ පිළිපදින්නැයි, සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.










"අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ යන්න පුළුවන්"

එවැනි තත්ත්වයක් ඇති වීමට 90% ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.
එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළකා ගැනීමට අප තවමත් ප්‍රමාද නැති බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙයි.
"නමුත් පසුගිය කාලයේ අපේ ප්‍රමාදයන් නිසා, අපිට සෑහෙන ජීවිත ප්‍රමාණයක් නැති වුණා" යනුවෙන් ඔහු කියා සිටියේ BBC සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
සබැඳි පුවත්
THE LEADER TV
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි!
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?