(සමබිම පක්ෂයේ නිවේදනයක් )
ශ්‍රී ලංකාවේ අලුතින් ඇතිවී ඇති කොවිඩ් වෛරසය පැතිරීම වසංගත මට්ටමක් කරා පැමිණ ඇත.
පසුගිය දින කිහිපය තුළ ඇති වූ දේශපාලන ව්‍යාකූලත්වය තුළ එන්නත්කරණය වෙනුවට රෝගය පැතිර යාමේ වේගය වැඩි වී ඇත.
පිස්සන්ගේ උමතුභාවය අධික වීම සහ රාජ්‍යයේ එන්නත්කරණ වැඩසටහන අතර පරතරය වැඩි වෙමින් පවතියි.
ආණ්ඩුවට දේශපාලනිකව පහර දීමට සුදුසුම අවස්ථාව මෙය යැයි ”බයිස්කෝප්කාර පිස්සන්” සිතීම නිසා රාජ්‍යය දැන් වසංගතය සම්බන්ධයෙන් HERD IMMUNITY තැනට විස්ථාපනය වී ඇත.
මෙහි අවසන් ඵලය වන්නේ, යුරෝපයේ සහ ඇමරිකාවේ මෙන් මැරෙන කෙනාට මැරෙන්නට ඉඩ දී ඉතිරි වන කෙනාට ඉතිරි වන්නට ඉඩ දීමයි.
අතිවිශාල ජනගහණයක් දෛනික යැපුම් මාධ්‍ය රහිතව ජීවත් වන නිසා ආර්ථිකය වසා දැමීමේ මාර්ගයක් රාජ්‍යයට නැත.
මාසයකට ලක්ෂ 5 ක් පමණ වැටුප් ගන්නා විශේෂඥ වෛද්‍යවරුන් හෝ මාසික වැටුප්ලාභී වෘත්තිකයන් කියන දේවල් රාජ්‍යය මේ මොහොතේ ගණන් ගන්නේ නැත.
අප කලින් ද කී පරිදි සැබෑවට මුහුණ දී ‘සාමූහික ප්‍රතිශක්තිය’ ලබා ගත යුතු ය. එසේ බැරි අය සමාජයෙන් සහමුලින්ම විගාමික විය යුතු ය.
ඉතුරු සියලුදෙනා කරන්නේ සමාජය බය කිරීම පමණි. රාජ්‍යයට මෙන්ම මේ කිසිවෙකුට වෛරසය නම් සැබෑව – REAL- ඉදිරිපිට කිසිදු විකල්පයක් ඉතිරි වී නැත.
(සමබිම පක්ෂය)
THE LEADER TV
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි!
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?