1200 x 80 DMirror
 
 

කහ පැහැති ලාෆ්ස් ගෑස් සිලින්ඩර හිමියන් ගෙන් ඇතැමුන් තමන්ගේ හිස් ගෑස් සිලින්ඩර් නිල් පැහැ ගන්වා ලිට්රෝ ගෑස් මිලදී ගැනීමට උත්සහ කරන බවට
ගෑස් අලෙවි නියෝජිතයින් ගෙන් වාර්තාවේ.
 
කහ පැහැති හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 29 ක් මේවනවිට රටපුරා ඇති අතර ලාෆ්ස් සමාගම සිය අලෙවි කටයුතු තාවකාලිකව අත්හිටුවීමත් සමග එම ගෑස් සිලින්ඩර හිමි පාරිභෝගිකයින් බරපතල අර්බුදයකට ලක්ව සිටිති. 
 
කහ පැහැති ලාෆ්ස් ගෑස් හිස් සිලින්ඩර වලට ගෑස් පිරිවීමට ලිට්රෝ ගෑස් සමාගමට නිත්‍යානුකූල අයිතියක් නොමැති වීම ඊට ප්‍රධානම හේතුව වී තිබේ.
 
ඒ අනුව, මේ වන විට පාරිභෝගිකයින් මුදල් ගෙවා මිලදි ගත් කහ පැහැති ගෑස් සිලින්ඩර ගෑස් නොමැතිකමින් නිවස්වල තබාගෙන ආණ්ඩුවට බැනවදිමින් සිටී.
 
නිල් පැහැති හිස් මෙටල් ගෑස් සිලින්ඩරයක් මිළ මේවනවිට රුපියල් 8000 ක් පමණවේ. 
 
  
 
 
 
''තැම්පත් කළ මුදල පාරිභෝගිකයාට ලබාදෙන්න'' 
 
 
ගෑස් පාරිභෝගිකයින් ලාෆ්ස් ගෑස් සමාගමෙන් එම ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගෙන ඇත්තේ මුදලක් තැන්පත් කරමින් බව පවසන 'පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය', අදාල සමාගම මේවනවිට වෙළද පොළ වෙත ගෘහස්ත ගෑස් නිකුත් නොකරනබව ප්‍රකාශ කර ඇති නමුත් මුදල් තැන්පත් කරමින් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලබාගත් පාරිභොගිකයින් පිළීබදව කිසිදු සඳහනක් කර නොමැති බවට චෝදනා කරයි. 
 
අදාල සමාගමේ ක්‍රියාකලාපය නිසා මෙරට දහස් ගණනක් ගෘහස්ත ගෑස් පාරිභෝගිකයින් අසාධාරණයට පත්ව ඇතැයි පවසන එම සංවිධානය, අදාළ සමාගම තවදුරටත් ගෘහස්ත ගෑස් නිෂ්පාදනයේ නිරත නොවන්නේ නම්, පාරිභෝගිකයින් විසින් මුදල් තැන්පත් කරමින් ලබාගත් ගෘහස්ත ගෑස් සිළීන්ඩර නැවත සමාගම වෙත ලබාගෙන ඔවුන් විසින් තැන්පත් කල මුදල් නැවත් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස අදාල සමාගමට දැනුම් දෙන්නැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් ඇමතිවරයා ගෙන් අද (08) දින එම ඉල්ලීම සිදුකර ඇත්තේ, එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ විසිනි. 
 
මෙම අසීරු අවස්ථාවේ මෙරට ගෘහස්ත ගෑස් පාරිභෝගිකයින්ට නැවත මුදල් තැන්පත්කරමින් වෙනත් සමාගමකින් ගෘහස්ත ගෑස් සිළීන්ඩරයත් ලබා ගැනීමට හැකියාවක් නොමැතිබව පෙන්වාදෙන රන්ජිත් විතානගේ, අදාල සමාගමේ කහපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය වෙනුවට අනෙත් සමාගමේ නිලපාට ගෘහස්ත ගෑස් සිළින්ඩරය ලබාදීම ප්‍රායෝගික හා නීතිමය වශයෙන් බාධාකාරී ක්‍රියාවක් බවද සිය ලිපියේ සඳහන් කර තිබේ. 
 
 
වත්මන් ගෑස් අර්බුදය සම්බන්ධයෙන් 'සිරස' නිව්ස් ෆස්ට් වාර්තා කර ඇත්තේ මෙසේය.
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 

 
THE LEADER TV 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 
 
 
බොරු කියන්නේ ගෝඨා ද ? බැසිල් ද?
 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58