පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වීමෙන් හිස්වූ මන්ත්‍රීධූරය හිමිවන්නේ ශාන්ත බණ්ඩාරටද, ඩී.බී.හේරත්ටද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තවමත් තීන්දු  කර නැති බවත් ඒ ගැන විශේෂයෙන් සාකච්ඡා කිරීමට කොමිසමේ සාමාජිකයන් අගෝස්තු 12වැනිදා රැස්වීමට නියමත බවත් වාර්තා වෙයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අගෝස්තු 05 වැනිදා අභාවප්‍රාප්ත විය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එජනිසය නියෝජනය කරමින් සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා තේරී පත්විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජනිස මනාප ලැයිස්තුවේ තේරීපත් නොවූ අය අතරින් ඊළඟට වැඩිම මනාප ලබා සිටියේ ශාන්ත බණ්ඩාර මහතාය. පසුව ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර තිබුණි. ඒ අනුව සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා අභාවප්‍රාප්තවෙද්දී ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව සිටියේය.

ඒ නිසා මනාප ලැයිස්තුවේ ඊළඟට තිබී ඇත්තේ ඩී.බී. හේරත් මහතාගේ නමය. කෙසේවෙතත් ඩී.බී. හේරත් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයට නම් කිරීමට පෙර ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඉල්ලා අස්විය. ඒ අනුව මන්ත්‍රීධූරය හිමිවිය යුත්තේ සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා මියගිය මොහොතේ සිටි සුදුස්සා වන ඩී.බී. හේරත්ටද, මීළඟ මන්ත්‍රීවරයා පත්කරන මොහොත වෙද්දී ලැයිස්තුවේ සිටින සුදුස්සා වන ශාන්ත බණ්ඩාරටද යන්න පිළිබඳව තීන්දුවක් ගැනීම මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබේ.

ඩී.බී. හේරත් මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු වීම !

මෙවැනි තත්වයක් පිළිබඳව පූර්වාදර්ශ නොමැති වීමත්, ඒ ගැන පැහැදිළි නීතිමය උපදෙස් නොමැති වීමත් නිසා මැතිවරණ කොමිෂන් සභාවට මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සිදු වූ බව මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග වාර්තා කරයි.

අදාළ පුද්ගලයන් දෙදෙනාටම මන්ත්‍රීධූරය ලැබිය යුතු බවට වන තර්ක ඇති බවත්, ඒ සියලු කාරණා ගැන සාකච්ඡා කොට අවසන් තීන්දුවක් ගත යුතු බවත් එම කොමිසමේ අදහස වී තිබේ.

එම මන්ත්‍රීධූරය පිළිබඳ තීරණය ගන්නා තෙක් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්පුර්ණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට නමක් යොජනා නොකර සිටින්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ. ඩී.බී. හෙරත් මහතා මන්ත්‍රීධුරටය පත් කළහොත් නැවතත් ජාතික ලැයිස්තුවෙන් ශාන්ත බණ්ඩාර පත්කිරීමට එජනිසය සැලසුම් කර ඇත.

ඩී.බී. හෙරත් මහතා මහින්ද රාජපක්ෂ හිතවාදියෙකු වීම මෙසේ ශාන්ත බණ්ඩාර ඉල්ලා අස්වී එම පුරප්පාඩුව පිරවීමට එජනිසය උත්සාහ කිරීමට හේතුව බව එම කණඩායමේ ප්‍රබලයෙක් පැවසීය.

ජාතික ලැයිස්තුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරයට නමක් යෝජනා කරනවාදැයි කළ විමසීමකදී එජනිස මහ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විදෙස්ගතව සිටින බවත් ඔහු ලංකාවට පැමිණෙන තෙක් බලා සිටින බවත්ය.

(අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්