කලක් තිස්සේ කොරෝනා නොවන හේතුන් නිසා මිය ගිය, ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහ, ආදාහනය හෝ භූමදානය කිරීම සදහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇත.
 
එම මෘතදේහවල ඩී.එන්.ඒ පරීක්ෂාවන් සඳහා අවශ්‍ය සාම්පල් ලබා ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් පතා ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසිය.
 
කළුබෝවිල රෝහලේද ඉකුත්දා වැඩි වශයෙන් ගොඩ ගැසී තිබුණේ ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.
 
 එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඔහු කියාසිටියේ කළුබෝවිල රෝහලේ ශීතාගාර 37න් 20ක්ම පිරී තිබුණේ කලක් තිස්සේ කොරෝනා නොවන හේතු නිසා මිය ගිය ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහවලින් බවයි.
 
මෙසේ කොරෝනා රෝගීන් වැඩි වීම හේතුවෙන් කළුබෝවිල රෝහල් පරිශ්‍රයේ රෝගීන් සිටින ආකාරයක් දක්නට ලැබිණ.
 
 කෙසේවෙතත් නව වාට්ටු දෙකක් ආරම්භ කර සියලු රෝගීන්ට ඇදන් ලබා දීමට කළුබෝවිල රෝහලේ පාලන අධිකාරිය මේ වනවිට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් කියා සිටියේය.
 
 
 

කොවිඩ් මළ සිරුරු ගොඩගැසෙයි- අරුණ කියයි 
 
 
Aruna e 2021.8.9 
 
 
මේ අතර 'අරුණ' පුවත්පත වාර්තා කර ඇත්තේ, රෝහල් තුළ මියයන කොවිඩ් ආසාදිතයන්ගේ මෘතදේහ රෝහල් මෘතශරිරාගාර තුළ ගොඩ ගැසෙමින් තිබෙන බවයි.
 
කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරයේ දෛනිකව කොවිඩි මෘතදේහ විස්සක පමණ සංඛ්‍යාවක් ගබඩා කිරීමට සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම පුවත් වාර්තාවේ සඳහන් වේ. එහි තවදුරටත් මෙසේ දැක්වේ.
 
මහනුවර රෝහලේ මෘත ශරීරාගාරය තුළ කොවිඩ් මළ සිරුරු දෛනිකව දහයක් පමණ ගබඩා කෙරේ. එසේම ගම්පහ රෝහලේ කොවිඩ් මෘතදේහ විස්සක් පමණ ගොඩගැසී ඇත.
 
රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් මෘත දේහ ආදාහනය කිරීමට නොහැකිව ගොඩගැසී ඇති බව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී සුගත් පෙරේරා ජා-ඇල නගර සභා මාසික මහ සභාවේදී පැවැසීය. පසුගිය 06 වැනිදා වන විට කොවිඩ් හේතුවෙන් මියගිය අයගේ මළසිරුරු 88 ක් රාගම රෝහලේ තිබූ බවද ඔහු පවසයි. 
 
රාගම කොවිඩ් මරණ ආදාහනය කරන බටුවත්ත ආදහානාගාරය කැඩී තිබීමත්, වැලිසර කොවිඩ් මරණ ආදාහනය කරන ආදාහනාගාරයේ ලබන 10 වැනිදා තෙක් දින ලබා ගැනීමට නොහැකි වීමත් නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බවද ඔහු අවධාරණය කළේය.
 
 
Panadura 2021.08.06
             පානදුර හා නාගොඩ රෝහල්වලත් මළසිරුරු ගොඩගැසේ
 
 
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළද කොවිඩ් ආසාදිත මෘතදේහ ගොඩ ගැසී ඇත. කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන නිසා කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරා විවෘතව තැබීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය උදය රත්නායක සඳහන් කළේය.
 
ඔහු ප්‍රකාශ කළේ හඳුනා නොගත් මළ සිරුරු කිහිපයක් තිබෙන බැවින් එම මළ සිරුරු ප්‍රමිතියකට ශීතාගාරවල තැන්පත් කිරීම ගැටලුවක්ව ඇති බවය. 
 
කෙසේ වුවද කළුතර නාගොඩ රෝහලේ මෘතශරීරාගාරයේ එක්රැස් වූ කොවිඩ් මෘතදේහයන් පසුගිය 06 වැනිදා රාත්‍රියේ ආදාහනාගාර 08කදී ආදාහනය කිරීමට පියවර ගෙන ඇත. 
 
මෙම මෘතදේහ ගොඩගැසීම සම්බන්ධව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියේ ආදාහනාගාරවල තිබූ තදබදය නිසාවෙන් මෘත ශරීර රෝහල්වල ගොඩ ගැසුණු බවය. ඒම මෘත දේහ කඩිනමින් අදාහනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
 
11 Pushpa Ramyani De Soysa Posts Facebook
                         (පුෂ්පා රම්‍යානි ද සොයිසාගේ FB පිටුවෙන්..)
 
 
රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා සිය ෆේසබුක් ගිණුම හරහා සටහනක් පළ කර තිබිණ.
 
එහි දැක්වෙන්නේ මෘත ශරීරාගාරවල අධි ශීතකරණ කුටි බොහොමයක් ක්‍රියා විරහිතව ඇති බවයි. ඒවා අලුත් වැඩියා කිරීමෙන් තවදුරටත් එහි ඉඩ සලසා ගත හැකි බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා පෙන්වා දෙයි.
 
කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයන් සඳහා අවම වශයෙන් පැය 24ක් තුළ පී සි ආර් පරීක්ෂාව සිදු කරන්නේ නම් ඔවුන්ගේ පවුල්වලටද පහසුවක් වනු ඇති බවද ඇය සිය ෆේස්බුක් සටහනින් දක්වා ඇත.
 
මේ හරහා මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කර ගැනිමට හැකි වනු ඇති බවද ඇය පවසයි.
 
 රෝහල් මෘත ශරීරාගාර බොහොමයක් පිරී ඇත්තේ හදුනා නොගත් මෘතදේහවලින් බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා ද වැඩිදුරටත් පවසයි.
 
 
 
THE LEADER TV 
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ? 
 
ආණ්ඩුවට අවුරුද්දයි: චමල් PBව පතුරු ගසයි! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්