ජනාධිපතිවරණයට රාජපක්ෂ කඳවුර කුමන අපේක්ෂකයා ඉදිරිපත් කලද ගම ඉල්ලන දිනන අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.


 අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) මතුගම - අලුත්ගම යා කරන නව මාර්ග පද්ධතිය හා පාලම් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව මාලාවකට එක් වෙමිනි.

ගොවි කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපතිවරුන් වන ආර්. ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග වැනි නායකයන් බිහිවුයේ එක්සත් ජාතික පක්ෂයෙන් බවත් ඔහු එහිදී කියා සිටියේය.

2015 ට වඩා පුළුල් සන්ධානයක් මෙවර ගොඩනගන බවත් ඒ සඳහා රටේ සමස්ත බහුතරයගේ මනාපය දිනාගනිමින් ජනාධිපතිවරණයට හා එළඹෙන මහමැතිවරණය ඇති විශාල ජයක් ලබා ගන්න බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මතුගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ජගත් විතානඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

වජිරගේ ඉල්ලීමට විරෝධයක් !

මේ අතර අරලියගහ මන්දිර අගමැති නිල නිවසේ ඊයේ (09) පැවති පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයා, එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂයා ලෙස ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ලක්ෂ පහක අත්සනින් යුතු පෙත්සමක් අත්සන් කිරීමට සහය වන්නැයි ඉල්ලීමක් කර ඇත.

එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් අමාතවරයා ද එම ඉල්ලීම කර ඇතත් සහභාගිව සිටි මහජන නියෝජිතයින් ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. 

කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සහභාගී වූ මෙම හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ ද පසුව එක්ව ඇත. 

රැස්වීමෙන් අනතුරුව එම මහජන නියෝජිතයින් සියලුදෙනාම පාහේ පවසා ඇත්තේ ගම ඉල්ලන, පාක්ෂිකයින් ඉල්ලන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළහොත් පමණක් රාජපක්ෂවරුන් පරාජය කළහැකි බවයි.

මුස්ලිම් කොංග්‍රසයේ ස්ථාවරය :

මේ අතර පසුගිය සඳුදා මුස්ලිම් කොංග්‍රස් නායකයා ප්‍රකාශ කර තිබුණේ, ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිපත්ති හා ජයග්‍රහණය කිරීමේ ශක්තිය සලකා බලා කිනම් අපේක්ෂකයෙකුට සහය දෙන්නේද යන්න තීරණය කරන බවය. 

එහිදී වැදගත් වන්නේ “ජයග්‍රහණය කිරීමේ ශක්තිය” යනුවෙන් ඔහු ඉස්මතු කරන කාරණයයි. එය එජාපයේ සජිත් පාර්ශ්වය මතු කරන, ජයග්‍රහණය කිරීමේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන්නට සමානය. එජාපයේ එම අපේක්ෂකයා වික්‍රමසිංහ මහතා විය නොහැකිය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්