මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය, ඔවුන් ලබන 23දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය. 
 
ඒ අනුව මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්ගේ බිරිඳ, ඇයගේ පියා, ඇයගේ සහෝදරා සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරුය.
 
සැකකරුවන්ට ඇප ලබා දුනහොත් ඔවුන් සාක්ෂි වලට බලපෑම් එල්ල කළ හැකි බවට නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනරාල් දිලීප පිරිස් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
 
මෙම සිද්ධියට අදාළව අදාළ අති සංවේදී කරුණු අධිකරණයට වාර්තාකිරීමට පෙර ජනමාධ්‍ය වෙත නිකුත්වූයේ කෙසේදයි යන්න සොයාබලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කළාය.
 
 
 
තවත් වීඩියෝවක් !
 
 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී සිරුරට ගිනි ඇවිලී රෝහලේ ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ ඉෂාලිනීගේ මරණය පිළිබඳ සමාජය තුළ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ.
 
ඉෂාලිනී රෝහලේ ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉෂාලිනීගේ මව සහ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ අතර සුහඳ කතා බහක් සිදුකෙරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය  වෙමින් තිබේ.  
 
ඉෂාලිනී වයසට වඩා වැඩි පෙනුමැති ළමයෙක් බව ඇයගේ මව කරන ප්‍රකාශයක් ද එම වීඩියෝවේ සඳහන් වේ.
 
 
කෙසේවුවද මේවනවිට ඇතැම් දේශපාලනඥයින්  ඉෂාලිනීගේ මව තම දේශපාලන අරමුණු වෙනුවෙන් මෙහෙයවමින් සිටින බවට ඇතැමුන් චෝදනා කරති.
 
 
 
 
 
THE LEADER TV 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්