ඊයේ දිනයේදී මෙරට කොවිඩ් ආසාදිත මරණ 111ක් වාර්තා වී ඇත. දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ.
සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් ඇත.
මිය ගොස් ඇති පිරිස අතර පුරුෂයින් 56ක් සහ කාන්තාවන් 55 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
මියගිය පිරිස අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 90 දෙනෙකු වන අතර වයස අවුරුදු 30-59ත් අතර පුද්ගලයින් 21ක් දෙනෙකු ඇතුලත් වේ.
දෛනික මරණ 200 පැනීම ආසන්නයේ..
ඉදිරි දින කිහිපය තුළ මෙරට දෛනික ආසාදිත ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් දෛනික මරණ ප්‍රමාණය 200 ඉක්මවනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන් උපුටමින් 'ඩේලි මිරර්' පුවත්පත වාර්තා කරයි.
දැනට පවතින ව්‍යාප්ති තත්ත්වය ඉදිරි සති කිහිපයේදී තවත් දරුණු තත්වයට වැටෙනු ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.
රෝහල් ගත වන ආසාදිතයන්ගේ තදබදය හේතුවෙන් අනිත් රෝගීන්ද රෝහල්ගත වීමට බිය වීමද මීට හේතු වන බවත් ඔවුන් පෙන්වා දී ඇත.
දැනට රෝහල්වල ඔක්සිජින් ප්‍රමාණවත් ලෙස තිබුණද සතියකින් පමණ ඔක්සිජන් හිඟතාවයක් හේතුවෙන් ආසාදිතයන් බලාසිටියදීම මිය යනු ඇතැයි ද ඔවුන් අනතුරු අඟවා තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පුවත්පත වෙත සඳහන් කර ඇත්තේ, වහාම ජනතාවගේ සංචාරණ සීමා නො කළහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි බවයි.
රෝහල් කාර්ය මණ්ඩලය වසංගතයට ගොදුරු වෙමින් පැවතීම තත්ත්වය තවත් බරපතළ තැනකට ඇද දමා ඇතැයි ද ඔහු පෙන්වා දී ඇත.
THE LEADER TV
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ?