රෝහාල් ධාරිතාව උපරිමයක් කරා ළඟා වීම නිසා කොවිඩ් රෝගීන් පමණක් නොව අනෙකුත් රෝගීන් ද මරණයට පත්වීම නොවැලක්විය හැකි බව සෞඛ්‍ය
විශේෂඥයෝ පවසති.
 
එබැවින් කල් නොමරා හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
 
එන්නත්කරණය සම්පූර්ණ කිරීමට තවත් මාස 2-3 ත් අතර කාලයක් ගත වෙන බව එම සංගමය පෙන්වා දෙයි.
 
තවදුරටත් රෝගය පැතිරීම වැළැක්වීමට ඇති ප්‍රධානම අවිය දැඩි සංචරණ සීමා පැනවීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
පවතින තත්ත්වය තුළ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අනෙකුත් රෝගීන්ට ලබා දෙන පහසුකම් සීමා කිරීමට සිදුව ඇති බව එම සංගමය පවසයි.
 
රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග ඔවුන්ට අවශ්‍ය ඇඳන් සහ ඔක්සිජන් මෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු අනිකුත් පුහුණු කාර්ය මණ්ඩලය සීමාසහිත වෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.
 
"තව දින කිහිපයකින් රට ඉතාමත් විශාල අර්බුදයකට යෑමට ඇති හැකියාව සක් සුදක් සේ පැහැදිලිය."
 
 
 
 
'සෞඛ්‍ය සේවයට හුස්ම ගැනීමට ඉඩක්'
 
 
ශ්‍රී ලංකාවේ COVID 19: ඇඳන් යට සහ බිම නිදන රෝගීන් ගැන පවිත්‍රාගේ විග්‍රහය
 
 
ඉතා දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමෙන් දැනට උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති ප්‍රතිකාර කිරීමේ හැකියාව (රෝගීන් ප්‍රමාණයේ සුළු හෝ අඩුවකින්) යම් තරමක හොඳ තත්ත්වයකට පත් වනු ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී.
 
එමගින් ප්‍රතිකාර කිරීමේ කටයුතුවල නියැලී සිටින සියලුම කාර්ය මණ්ඩලවලට යම්කිසි තාවකාලික හෝ සහනයක් ලබා දීමට හැකි වනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
 
වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් සීමා පනවන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය කණ්ඩායම් ගණනාවක් ආණ්ඩුවෙන් ඉල්ලීම් කර ඇත.
 
එහෙත් පවතින ආර්ථික අර්බුදය ඉදිරියේ එවැනි පියවරකට යාමෙන් වක්‍ර රැකියාවල නිරත ජනතාව පීඩාවට යන බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ.
 
රෝහල්වල පහසුකම් ඉහළ නංවන අතරේ එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබා දෙන බව ආණ්ඩුව කියා සිටී.
 
මේ අතර මීට පෙර ලිහිල් කෙරුණු සංචාරණ සීමා සහ සෞඛ්‍ය රෙගුලාසි අගෝස්තු 06 සංශෝධනය කෙරුණු නමුත් එම සීමා ප්‍රමාණවත් නොමැති බව වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ පෙන්වා දෙති.
 
එන්නත්කරණ වැඩසටහන "ප්‍රශස්ත" මට්ටමක පැවතියත් ඉන් වසංගතය පැතිර යාම පාලනය කළ නොහැකි බව ඔවුහු පවසති.
 
 
 111923466 148fad3e 242b 43c8 8798 f89790c8c045 
මහාචාර්ය නීලිකා මලවිගේ
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී, ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවේ ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ඇදහිය නොහැකි වේගයකින් සිදු වුවද, සම්පුර්ණයෙන්ම එන්නත් කරන ලද අනුපාතය රටේ සංචරණ සීමා ඉවත් කිරීමට ප්‍රමාණවත් නොවන බවත් එම නිසා ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු යම් යම් සීමා කිරීම් ක්‍රියාත්මක කළ යුතු බවයි.
 
එසේ නොකිරීම තුළින් රටේ මරණ අනුපාතය ඉතා ඉහළ මට්ටමකට යාමට තුඩු දෙනු ඇති බවට ඇය පැවසීය.
 
 
"ආර්ථිකය ද? ජීවිතය ද?"
 
 
සති දෙකක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 150 දක්වා ඉහළ යා හැකි බවට බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙක් අනතුරු අඟවති.
 
එවැනි තත්ත්වයක් ඇති වීමට 90% ක පමණ ඉඩක් ඇතැයි දත්ත මගින් පෙන්නුම් කරන බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.
 
එහෙත් එම මරණ සංඛ්‍යාව 200-300 දක්වා ඉහළ යාම වළකා ගැනීමට අප තවමත් ප්‍රමාද නැති බව යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙයි.
 
"රටකට මේක කරන්න පුලුවන්ද බැරිද කියන දේ සිතන්නේ නැතුව මම මේ දේ කියන්නේ. මේ වෙලාවේ අපිට තව මරණ එන එක නවත්ත ගන්න කරන්න පුළුවන් දේ තමයි 100% ඇඳිරි නීතිය දාලා මිනිස්සුන්ව සති දෙකක් ගෙදර තියන එක. අපිට අඩුම තරමේ රෝහල්වලට හුස්මක් ගන්න, සූදානමක් ඇති කර ගන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා."
 
ආර්ථික ගැටළු දෙස බැලීමේදී එය කළ නොහැකි දෙයක් විය හැකිමුත් එවැනි පියවරකට නොගියොත් මරණ අඩු කර ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි පෙන්වා දෙයි.
 
කෙසේ වුවත් යම් කිසි අවස්ථාවක "ආර්ථිකය ද ජීවිතය ද" යන්න තෝරා ගැනීමට බල කෙරෙනු ඇති බව ද මහාචාර්යවරයා පවසයි.
 
"ඒක, ආර්ථිකය ද ජීවිතය ද කියන තෝරා ගැනීම අපි තව ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙන්න ඇරලා ගන්නවද? දැන් ඒ තීන්දුව අරගෙන ජීවිත බේරා ගන්නවද කියන තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්." යනුවෙන් ඔහු BBC සිංහල සේවය වෙත පැවසීය.
 
 
(BBC සිංහල සේවය)
 
 
සබැඳි පුවත් :
 
 
  
 
 
 
 
THE LEADER TV 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්