ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා මුල පුරා තිබේ.

ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචි කිරීම සදහා දැනට පවතින 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධික්ෂණය කිරීම) පනතේ සදහන් විධිවිධාන, වර්තමාන අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇති බවයි රජය පවසන්නේ.
 
ඒ අනුව ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ( ලියාපදිංචි කිරීම හා අධික්ෂණය කිරීම) පනත වෙනුවට වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නව පනතක් හදුන්වා දීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අගෝස්තු 09 සදුදා රැස්වු අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව රජය නිවේදනය කර තිබේ.
  

 

 THE LEADER TV 

 
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට!
 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්