මහාචාර්ය රාජ් සෝමදේව

 
විජය රජු ඝාතනය කරනු ලැබුවේ ගෝඨාභය ඇතුළු සහෝදර කුමාරවරුන් තිදෙනා විසින් බව ඉතිහාස වංශ කතාවලින් අනාවරණය වී ඇතැයි පුරාවිද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහාචාර්ය රාජ් සෝමදේව පවසයි. 
 
මහාචාර්ය රාජ් සෝමදේව එබව පවසන්නේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ විසින් මෙහෙයවු Nethfm Unlimited History වැඩසටහන වෙනුවෙන් කළ ප්‍රශ්න කිරිමකදීය.
 
එම කාරණය තවදුරටත් පැහැදිලි කරමින් මහාචාර්යවරයා මෙසේ පවසයි.
 
 
'' විජය කියන එක්කෙනා එක අවුරුද්දනේ රජ කරේ, එතකොට එක අවුරුද්දක් රජ කරාම කෙනෙක් අහන්න පුළුවන් මොකක්ද වුනේ එයාට අවසානයේදී කියලා. ඒක තමයි මේ කියන්න යන්නේ.
 
මේ විජය බලයට පත් වුණාම මහියංගනයේ කිට්ටුව ප්‍රදේශයක හිටපු සහෝදරයෝ තුන්දෙනෙක්. ඔවුන්ගේ නම් සංඝතිස්ස, සංඝබෝධි සහ ගෝඨාභය කියන තුන්දෙනා අනුරාධපුරයට එනවා මේ රජ්ජුරුවන්ට උපස්ථාන කිරීමේ පරමාර්ථයෙන්. 
 
එතකොට අපේ වංශ කතාවේ කියනවා, තුන්දෙනා ඔහොම එනකොට අන්ධ නිමිත්ති කියන කෙනෙක් සාස්තර කියන කෙනෙක් අද වචනයෙන් කිවුවොත්, අන්ධ මනුස්සයෙක් ඉඳගෙන කියනවා මේගොල්ලන්ගේ පියවර තියන සද්දෙන්, මේගොල්ලො රජ වෙන බව කිව්වයි කියලා වංශ කතාවල කියනවා. 
 
එතකොට ඉස්සරහින්ම ගියේ සංඝතිස්ස මම හිතන්නේ වැඩිමලා. ඊට පස්සේ සංඝ බෝධි. ඊළඟට පිටිපස්සෙන්ම ගිය සොහොයුරා ගෝඨාභය. 
 
ඊගාවට පිටිපස්සෙන්ම ගිය සොහොයුරා ගෝඨාභය ආපසු හැරිලා ඇවිල්ලා අර නිමිති සාත්තරකරුගෙන් අහනවා, මේ අතරින් වැඩිපුරම කාලයක් බලයේ ඉන්නේ කවුද කියලා. පස්සේ ඔහු කියනවා අර අවසානයට ගිය කෙනා තමයි වැඩිපුර බලයේ ඉන්න කෙනා කියලා.
 
ඊළඟට වංශ කතාවේ කියනවා මේ තුනදෙනා එන්නේ මොකටද අර විජයට උපස්ථාන කරන්න මහියංගනයේ ඉඳලා එන්නේ. සත් චේතනාවකින් එන්නේ. 
 
උපස්ථාන කරන්න ආවහම මාලිගාවෙන් එළියේ ඉන්න බැහැනේ. ඇතුලේ ඉන්න එපැයි. එතකොට මාලිගාව ඇතුලට යන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලො ආවේ. 
 
අවසානයේ මොකද වෙන්නේ මේ තුන්දෙනා විජය රජු මාලිගාවෙම ඝාතනය කරනවා කියලා කියනවා. මම මේ කියන්නේ මේ කියන්නේ අපි කියන කතාවක් නෙවෙයි වංශ කතාවල කියලා තියෙන කතාවක්..''
 
 
 
 
කියවන්න :
 

 

 THE LEADER TV 

 
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට!
 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්