2019 අප්‍රේල් මස 21 වෙනි දින සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විමසුමට ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇති බවත්, චූදිතයන් 25
 
දෙනෙකුට චෝදනා 23,370 යටතේ නඩු පැවරීමට හැකියාව ඇතැයි නීතිපතිවරයා විසින් පෙන්වා දී ඇති බවත් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර සඳහන් කරයි.
 
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වෙත යොමු කළ පිළිතුරු ලිපියක් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කරමින් හරිගුප්ත රෝහණධීර මේ බව සඳහන් කළේය.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන්ට මේ මස ඇතුළත නඩු පවරා අධි චෝදනා පත්‍ර භාරදීමට හැකියාව ඇති බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වෙත හරිගුප්ත රෝහණධීර යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.
 
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්, ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට පිළිතුරු යොමු කරමින් හරිගුප්ත රෝහණධීර මේ බව දැනුම් දී ඇත.
 
 
SHL1814pmd 1536x1023
පාස්කු ප්‍රහාරය සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පෙබරවාරි 01 දින ජනාධිපති වෙත භාර දෙනු ලැබිණ.
 
එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය අනු කමිටුවක් පත් කරනු ලැබීය.
 
 පසුව එහි නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බව රෝහණධීර සිය ලිපියෙන් අගරදගුරුතුමන්  වෙත දැනුම් දී තිබේ. 
 
පාස්කු ප්‍රහාරය සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව, ඊට අදාළ සාක්ෂි සටහන් සහ රහසිගත සාක්ෂි සටහන් 2021 පෙබරවාරි 24 වන දින නීතිපතිවරයා වෙත භාර දී ඇත. 
 
 
 
 සැකකරුවන්ට නඩු පවරා, අධි චෝදනා පත්‍ර භාරදීම මේ මස ඇතුළත :
 
 
 
ඒ අනුව නීතිපතිවරයා විසින් මේ සම්බ්න්ධයෙන් ක්‍රියා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරියක වන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් නීතිඥවරු 15 දෙනෙක්, අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් ඇතුළු 30 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කර සිටිති. 
 
ප්‍රහාරය පිටුපස සිටි ක්‍රියාකාරීන් සොයා බැලීමට සහ එයට වගකිවයුතු පුද්ගලයන් සොයා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිගේ විධානය සහ උපදෙස් මත මේ වන විට පියවර රාශියක් ගෙන ඇත. 
 
ප්‍රහාරයෙන් මිය ගිය සහ ආබාධිත තත්ත්වයට පත් වූ ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා ප්‍රමුඛත්වයෙහිලා ක්‍රියාකරන බව ද හරිගුප්ත රෝහණධීර සිය ලිපියෙන් වැඩිදුරටත් දන්වා සිටී.
 
 
සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා:
 
 
 Lanka Press 200 private lawsuits seeking compensation for Easter attack
 
2019 අප්‍රේල් මස 21 වෙනි දින සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අද දින (10) සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලදී.
 
නවුෆර් මව්ලවි, සජිඩ් මව්ලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ (ගෆූර් මාමා), මොහොමඩ් සනාස්ඩීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු පිරිසක් වෙත කොළඹ මහාධිකරණය හමුවේ මෙසේ අධිචෝදනා ගොනු කර තිබේ.
 
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට කිංග්ස්බරි හෝටලය,  කොළඹ ෂැංග්‍රිලා හෝටලය, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් කොළඹ, මඩකලපුව සියොන් පල්ලිය සහ දෙහිවල පිහිටි ට්‍රොපිකල් තානායම එල්ල වූ ප්‍රහාර වලට අදාළව මෙම අධිචෝදනා ගොනු කර ඇත.
 
අධිචෝදනා ගොනුකරමින් නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇති චෝදනා 23,270 ක් විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙසයි.
 
මෙම චෝදනා ගොනු කිරීමේදී අදාළ නිලධාරින්  විසින් කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම,  පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ රැස් කිරීම, ඝාතනය සහ ඝාතනය උත්සාහ කිරීම මෙන්ම ජීවිත අහිමි වූ හෝ තුවාල ලැබූ සෑම පුද්ගලයෙකුම සැලකිල්ලට ගෙන තිබේ.
 
 
THE LEADER TV 
 
මහනුවරට විශේෂයි : ස්පුට්නික් එන්නත නැවත ලැබෙන දිනය ෂුවර් නැහැ !
 

නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්