ආනයන අපනයන පාලකගේ අනුමැතිය යටතේ බලපත්‍ර ලබාගෙන ආනයනය කරන ලද සීනි බහාලුම් 550 ක් නිදහස් නොකොට වරායේ රඳවාගෙන ඇති බව
රේගුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ඒ, 2021 ජුනි 22 දින ආනයන අපනයන පාලක දමයන්ති කරුණාරත්න විසින් ශ්‍රී ලංකාවට සීනි ආනයනය තහනම් කරමින් නිකුත්කරන ලද නියෝගය අනුවය.
මෙම ගැසට් නිවේදනය නිකුත්කරන විටත් එම දෙපාර්තමේන්තුවෙන්ම බලපත්‍ර ලබාගෙන ආනයනය කරන ලද සීනි බහාලුම් 420 ක් සහ සීනි ආනයනයේ ඒකාධිකාරිය හිමිකරගෙන සිටින බහුජාතික සමාගමක් බලපත්‍ර නොමැතිව ආනයනය කරන ලද සීනි බහාලුම් 130 ක් එනම් ටොන් 2600 ක් ද තිබිණ.
තහනම් නියෝගය ප්‍රකාර වරායෙන් එම බහාලුම් නිදහස් කර නොමැත.
පෞද්ගලික අංශය විසින් ආනයනය කරන ලද සීනි බහාලුම් 550 ක් ලක් සතොසට!
බන්දුල බලහත්කාරයෙන් සීනී ගන්න ගිහින් අනාගෙන.
මෙම තහනම් නියෝගය ප්‍රයෝජනයට ගනිමින් සිනී බහාලුම් 550 ම රජයට ලබාගැනීමේ සාකච්ඡාව මේවනවිට ආරම්භ වී ඇත.
මෙම තහනම් නියෝගය නිකුත් කිරීමටත් ඒ අනුව රඳවාගැනීමටත් මූලික වශයෙන් හේතු වී ඇත්තේ පෞද්ගලික සීනි ආනයනය කරුවන් විසින් රජයට - ලක් සතොසට රුපියල් 102/= බැගින් සීනි තොග සැපයීම නොකිරීම නිසා බව ආනයන තොග වෙළෙඳුන් සඳහන් කරති.
සතොස ශාඛාවල අලෙවියට සීනි නොමැතිවීම තුළ ආනයනකරුවන්ට පීඩනයක් ඇති කිරීම සඳහා මෙවැනි තීරණයක් ගෙන ඇතැයි පැවසේ. මෙය වක්‍රාකාරයෙන් පෞද්ගලික අංශයේ වෙළඳාම පාලනයක් කිරීමක් බව ක්ෂේත්‍රට සම්බන්ධ ප්‍රවීණයන් සඳහන් කරති.
කෙසේ වුවද (CIF) කොළඹ වරාය දක්වා වූ වියදම එනම් රුපියල් 102/= බැගින් ලක් සතොසට මෙම බහාලුම් 550 ලබාදීමට ආනයන කරුවන් එකතු වී ඇති අතර ඔවුන්ගේ ආනයන බිල් ගෙවීම සදහා ඩොලරයට රුපියල් 202/= බැගින් විදේශ විනිමය ලබාදීමට ද රජය පොරොන්දු වී ඇත.
සීනි හිඟයක් නෑ - කැබිනට් ප්‍රකාශකයින්
සම කැබිනට් ප්‍රකාශකයින්
මේ අතර ඊයෙ (10) පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේ, රට තුල මාස තුනකකට ප්‍රමානවත් සීනි තොග ඇති බවයි.
එම මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියේ, රට තුළ සීනි හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, ඒ පිළිබඳ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය දැනුම්වත් කර ඇති බවත්ය.
සීනි හිඟයක් ඇති වෙතැයි පාරිභෝගිකයන් අතර ද බියක් මතු වී තිබෙන අතර රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා විශාල වශයෙන් මාස 03ටත් අධික කාලයක් සඳහා සීනි සංචිතයක් පවතින බවද ඇමැතිවරයා කීය.
සීනිවල බදු අඩු කිරීම හේතුවෙන් විශාල ප්‍රමාණයක් සීනි ආනයනය කර ඇති බැවින් මෙලෙස සංචිතයක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මොකක්ද මේ සීනි අර්බුදය?
සීනි ආනයන බලපත්‍ර ඉකුත් මැයි 28 වැනි දා රජය විසින් අත්හිටවනු ලැබුවේ ය. ඒ, ඉදිරි මාස 8 ක කාලයක් සඳහා ප්‍රමාණවත් සීනි මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 600ක් පමණ ආනයනකරුවන් විසින් ගබඩා කර තිබියදීය.
සීනි කිලෝග්‍රෑමයක් සඳහා ශත 25 ක බද්දක් යටතේ ආනයනය කෙරුණු සීනි නිසි පරිදි වෙළෙඳපොළට නිකුත් නොකෙරෙන තත්ත්වයක් මේ වනවිට දක්නට ලැබේ.
වෙළෙඳපොළේ මේ වනවිට සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 150ක් වැනි මිලකටය.
මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල ඊයේ රුපියල් 140 ක සිල්ලර මිලට අලෙවි කළ සීනි අද රුපියල් 150 ක් දක්වා වැඩි වී තිබුණි.
නොච්ච්යාගම නගරයේ අද සීනි කිලෝග්‍රෑම් එකක් අලෙවි කළේ රුපියල් 155 කටය.
රජයට අහිමි වී ඇති බදු ආදායම කෝටි 2835
ඔක්තෝම්බර් 13 දින මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ නිකුත්කල නිවේදනය
මේ අතර තොග වෙළඳපොල විශ්ලේෂකයකු සඳහන් කර සිටියේ, 2020 ඔක්තෝබර් 13 දින හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සීනි කිලෝවක විශේෂ තීරු බද්ද රුපියල්. 49.75 කින් අඩු කිරීම නිසා මේ වනවිට සීනි ටොන් 5,70,000 ක් ආනයනය කර ඇති අතර රජයට අහිමි වී ඇති බදු ආදායම කෝටි 2835 නැතහොත් රුපියල් බිලියන 28ක් බවයි.
ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට රජයට අවශ්‍ය වන්නේ වාර්ෂිකව රුපියල් බිලියන් 62 ක් බවත් සිය ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ලබා දුන්න සහනය නිසා රජයට අහිමි වූ මුදල වැඩිවන ගුරු වැටුප් ගෙවීමට අවශ්‍ය මුදලෙන් බාගයක් ආවරනය කර ගැනීමට හැකිව තිබූ බවත් ඔහු සඳහන් කළේය.
THE LEADER TV
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට!