කොවිඩ් මරණ 124ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
 
 
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.
 
මෙම මරණ ඊයේ (10) දින තහවුරු කර ඇති අතර එම මරණ 124ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464ක් දක්වා ඉහළගොස් ඇත.
 
ඊයේ තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 49 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 75 දෙනෙකුද සිටි.
 
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 95 දෙනෙකු සිටි බව සෞඛ්‍ය අංශ කළ නිවේදනයේ සඳහන් වේ.
 
0001 
 
 
සෑම පැයකදීම ආසාදිතයින් 5ක් මියයන තත්ත්වයක් - සෞඛ්‍ය අංශ
 
සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
 
එහි උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පෙන්වාදෙන්නේ දෛනිකව වාර්තාවන ආසාදිතයින් මෙන් කිහිපගුණයකින් වැඩිපිරිසක් සමාජය තුළ සිටිය හැකි බවය.
 
මේ අතර ගැබිනි මව්වරුන් 19 දෙනෙකු මේ වනවිට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවාය.
 
මේ අතර, ලැබී ඇති දත්තවලට අනුව හෙද කාර්යය මණ්ඩලයේ 1,000ක පමණ පිරිසක් කොවිඩ් වෛරසයේ ආසාදිතයින් බවට පත්ව ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසීය.
 
 
ආදාහනාගාර පුපුරන බවට අනතුරු ඇඟවීමක් !
 

 
ආදාහනාගාරය සිසිල් වීමට ප්‍රමාණවත් කාලයක් නොතබා මෘත දේහ ආදාහනය කළහොත් පිපිරීම් සිදුවිය හැකි බවට නර්ඩ් ආයතනය අනතුරු අඟවා ඇතැයි පානදුර නගරාධිපති නන්දන ගුණතිලක BBC සිංහල සේවයට පැවසිය.
 
පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා 'කන්ටේනර් පෙට්ටියක' මෘත දේහ තාවකාලිකව තැන්පත් කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
 
කොවිඩ් 19 ආසාදිත නොවන, හඳුනා නොගත් මෘත දේහ 131 ක් පානදුර, කළුබෝවිල, කොළඹ, අයි.ඩී.එච්, කළුතර, රාගම, ගම්පහ සහ වතුපිටිවල රෝහල්වල තැන්පත් කර ඇති බව හෙළි වී තිබේ.
 
අධිකරණ ක්‍රියාමාර්ග කඩිනම් කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය ක්‍රියා කරමින් සිටී.
 
fhdfhg
 
 
''කොරෝනා මෘතදේහ පුච්චන්න ලේසිවෙන්න කාඩ්බෝඩ් පෙට්ටිවල දානවා''
 
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසන්නේ, කොරෝනා මෘතදේහ ආදාහනයේ දී ලී පෙට්ටිය වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටියක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවයි.
 
කාඩ්බෝඩ් පෙට්ටියක මෘත දේහ දේහ පිaළිස්සීමේදී ආදාහනාගාර වලට පහසුවක් වන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
 
ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ගම්පහ සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේ තීරණය කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
 
රාගම රෝහලේ මේ වන විට මෘතදේහ 18ක් පමණ ඇති බවත් අනෙක් සියලුම රෝහල්වල ඉතිරි වී තිබූ මහ මුහුද දේහයන් ආදාහනය සිදු කර අවසන් බවත් ඔහු තවදුරටත් පැවසීය.
 
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා එබව සඳහන් කළේය. 
 
 
 
හඳුනා නොගත් මළ සිරුරුවල අවසන් කටයුතු හෙට..
 
කොළඹ ප්‍රධාන රෝහල්වල මෘත ශරීරාගාරවල ඇති හඳුනා නොගත් මළ සිරුරු හෙට (12) දිනයේදී භූමදානය හෝ අදාහනය කිරීමට තීරණය කර තිබේ.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ය.
 
කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න එහිදී මෙසේද පැවසිය.
 
''කොළඹ මහ රෝහල ගත්තොත්, කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළ සිරුරු 40ක් සහ කළුබෝවිල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ මෘත ශරීර 14 ක් පමණ තැම්පත් කර තිබෙනවා. 
 
මේ මෘත දේහයන් කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව 2017 වැනි වසරේ සිට පවා පැවත එන මෘත ශරීර මොකද යම්කිසි හඳුනා නොගත් මෘත දේහයක් හඳුනා නොගත්තේ නම් එය ආදහනයට හෝ භූමදානයට අවසරයක් ගන්න ඕනේ අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින්  
 
නමුත් මේ කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක මෘත ශරීරාගාර තැම්පත් කරන ස්ථානවල විශේෂයෙන්ම තදබදයක් වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාත භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා විශේෂ ඉල්ලීමක් කළා මේ මෘත දේහයන් ගෞරවාන්විත අවසන් කටයුතු සිදු කළ යුතුයි කියලා. 
 
ගරු අධිකරණය ක්‍රියාමර්ග ගෙන මේ දේහයන් ගෞරවාන්විතව ඒ ආදාහනය හෝ භූමදානය සිදු කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව හෙට දිනය වනවිට කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති ස්ථානයේ තිබෙන මෘත දේහයන් 40ක් ද ඒ කළුබෝවිල 14ක්ද හඳුනා නොගත් මළ සිරුරු එම දේහයන් භූමිදානය කරන්න හෝ අදාහනය කරනවා
 

 
 

 

 

 


 

THE LEADER TV 
 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්?
 

 
 
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්