නිදහස් අධ්‍යාපනය  මිලිටරිකරණයට හා පෞද්ගලීකරණයට ගොදුරු කරන කොතලාවල පනතට එරෙහිව විරෝධය දැක්වීම නිසා
බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත් දේශපාලන ක්‍රියාධරයන් තවදුරටත් සිරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
 
කොවිඩ් වසංගතය හේතුවෙන් යැයි පවසා අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරම කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දුව හමුවේ ඊයේ [11] දින නඩුව කැඳවූ විට ඇය නියෝග කළේ ලබන 17 වැනිදා දක්වා ඔවුන් යළි රිමාන්ඩ් කරන ලෙසයි.
 
මෙසේ යළි රිමාන්ඩ් කෙරුනේ කොතලාවල පනතට එරෙහිව විරෝධය දැක්වීමට ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසල පැවති උද්ඝෝෂණයට එක්වීම නිසා ඉකුත් 3 වැනිදා පොලිසිය මගින් නිවෙසට ගොස් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ හා සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරිණි කෝෂිලා හංසමාලි, එම  පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත, 5 වැනිදා දහවල්  ජයවර්ධනපුර සරසවිය අසලදී පොලිසිය මගින් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප සහ රූපවාහිනී වැඩසටහනකට සහභාගිවී එන අතර මගදී 6 වැනිදා අළුයම 3.30 ට පොලීසිය අත්අඩංගුවට ගත්  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දේශපාලන හා ශිෂ්‍ය ක්‍රියාධරයන් සිව් දෙනායි .
 
විරෝධතාවක් අතර තුර මහජන දේපළ වලට හානි කිරීම හා විරෝධතාව මැඩලීමට පැමිණි මහරගම පොලිස් ස්ථානාධිපතිට තුවාල කිරීම චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසයි.
 
 
සබැඳි පුවත් :
 

 

 

 


 

THE LEADER TV 
 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්?
 

 
 
නොදන්නා පාස්කුවක් කියා : ඔසීගේ පුතා ඉල්ලං කයි 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්