පාස්කු ඉරිදා දින ප්‍රහාරයට සම්බන්ධ බවට පුද්ගලයන් තුන්සිය ගනනකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් ආණ්ඩුව ඒ අතරින් විසි පස් දෙනකුට වසර
දෙකකට පසු චෝදනා ගොනු කර තිබේ.
 
නීතිපති දෙපාර්තමේන්තුව මගින් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පාස්කු ප්‍රහාරයට දායකවීම, ප්‍රහාරය සිදු කිරීම, ඊට අනුබල දීම, ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය එක් රැස්කිරීම, මිනිස් ඝාතනයට තැත් කිරීම හා මිනිස් ඝාතන කිරීම ඇතුළු චෝදනා 23,270 ක් පාස්කු ප්‍රහාර සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කරයි.
 
නව්ෆර් මව්ලවි, සාජිඩ් මව්ලවි, මොහොමඩ් මිල්හාන්, සදීක් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගපුර් මාමා, මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු පුද්ගලයන් 25 කට එරෙහිව මහාධිකරණයේ චෝදනා ගොනු කර තිබේ.
 
මිට පෙර මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දීත්, ඉන් පිටස්තරව මාධ්‍යටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරයට පුද්ගලයන් 32 කට එරෙහිව නඩු පවරන බවයි.
 
මේ දින වල පවතින අධිකරණ නිවාඩුව අවසන් වූ වහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර පාස්කු දින ප්‍රහාර චෝදනා නඩුව කඩිනමින් අවසන් කරනු ඇති බවයි අධිකරණ වාර්තාකරුවන් පවසන්නේ.
 
පාස්කු කොමිසමේ නිර්දේශ අනුව මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කර ඇතැයි පවසන නීතිපති දෙපාර්තමේන්තුව, ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවට පලා ගියා යැයි සැකකෙරෙන පුලස්තිනි නොහොත් ජස්මින් ට එරෙහිව චෝදනා ගොනු කර නොමැත.
 
 
 
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර ට එරෙහිව නඩු විභාග වෙමින් පවතී.
 
පාස්කු ප්‍රහාරකයන්ට ආධාර අනුබල දෙමින් සබඳතා පැවැත්වීම චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සහෝදරයා දින සියය ඉක්මවා තවමත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටී.
 
 
අහමඩ් අලව්දීන්ගේ පියා සියලු චෝදනා වලින් නිදහස් 
 
 
මේ අතර කොච්ච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බවට සැකකෙරෙන අහමඩ් අලව්දීන්ගේ පියා වසර එක හමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිට ඉකුත් 6 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් සියලු චෝදනා වලින් නිදහස් කළේය. 
 
ඊට පෙර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ශාෆ් අහමඩ්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් දස දෙනා ද  අධිකරණය මගින් නිදහස් කරනු ලැබිණි.
 
2019 අප්‍රියෙල් 21 වැනිදා කොළඹ කොච්ච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මිගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල ට්‍රොපිකල් ඉන්, කොළඹ ශැන්ග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ කින්ස්බරි සංචාරක හෝටලට එකවර ප්‍රහාර එල්ලවිණි.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධ මෙම නඩුව ගොනු කිරීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නීති උපදේශක හරිගුප්ත රෝහණධීර විසින් ඒ ගැන අගරදරගුරු මැල්කම් රංජිත් වෙත දන්වා තිබේ. ඒ අනුව අගරදගුරු හෙට [13] මාධ්‍ය හමුවක් කැඳවා ඔහුගේ  අදහස් ප්‍රකාශ කිරීමට  නියමිතයි. 
 
 
සබැඳි පුවත් :
 
 

 


 
THE LEADER TV 
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්