තමිලන් (Thamilan) පුවත්පතේ කර්තෘ ආර්. සිවරාජ්ගේ  නිවසට අද (12) අලුයම 2.30 ට පමණ පැමිණ ඇති නාදුනන පිරිසක් ඔහුව පැහැරගෙන යාමට උත්සහකර ඇතැයි වාර්තාවේ.
සිවරාජ් සිය පවුලේ සාමාජිකයින් සමග පදිංචිව සිටින්නේ ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයකය. 
 
ඔහු ඊයේ රාත්‍රී ITN නාලිකාවේ දේශපාලන වැඩසටහනකට සහභාගී වී නිවසට පැමිණ ඇත්තේ අද අලුයම 1.00ට පමණය. 
 
 තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව පවසමින් අලුයම 2.30ට පමණ එම නිවාස සංකීරණයට කිසියම් කණ්ඩායමක් ඇතුල්වීමට උත්සහකර ඇතත් ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සැකකාර ඇති නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් ඊට බාධා කිරීම නිසා එම පිරිස ආපසු ගොස් තිබේ.
 
තමිලන් කතුවරයා මේ සම්බන්ධයෙන් අද උදැසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී පවසා ඇත්තේ තම ආයතනයෙන් එවැනි නිලධාරීන් කණ්ඩායමක් නොපැමිණි බවයි.
 
 
මෙහි ඇති සුවිශේෂී කාරණය වන්නේ තමිලන් (Thamilan) පුවත්පත ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතකු ලෙස සැලකෙන ව්‍යාපාරික දිලිත් ජයවීර ගේ 'ලිබර්ටි පබ්ලිෂර්ස්' සමාගම විසින් ප්‍රකාශයට පත්කරනු ලබන්නකි. 
 
 
'අරුණ' සිංහල පුවත්පත මෙන්ම 'ද සන්ඩේ මෝනින්' ඉංග්‍රීසි පුවත්පත ද ප්‍රකාශයට පත්කරනු ලබන්නේ දිලිත් ජයවීරගේ 'ලිබර්ටි පබ්ලිෂර්ස්' සමාගම විසිනි.
 
ආර්. සිවරාජ් විසින් අද පෙරවරුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත පැමිණිලිකර ඇත. එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
 
 
                        **************************
 
 
To the Inspector General of Police,
My name is R. Sivarajah, I am the editor of 'Thamilan' daily and weekly newspapers.
At around 2.30 am today, 12 August, two unidentified persons, who had come to the Landmark Engineers' apartment block at 46B, Indrajothi Mawatha, Mount Lavinia, where I live, identified themselves as CID and requested to be sent inside to meet me.
But, I was told by the security officer this morning that they stood there with the same request for a long time even when the security guard refused to send them inside. They then commented in a threatening manner and left.
This incident has frightened not only me but also my family and my apartment residents. They can come to my office if I need to be investigated. But in what way is it fair to leave them all and come to interrogate me at 2.30 AM in the morning?
I also have a suspicion that someone else is trying to threaten my life in the guise of CID. I would like to ask for an immediate inquiry into this matter. I am asking for a genuine investigation into this.
Thank you
 
 
THE LEADER TV 
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 
 
කැබිනට් සංශෝධනයක්! ඩලස්ට කැපිල්ලක්? 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්