සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් දෛනිකව නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛණ

සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට බරපතල ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. 

 
එවන් පසුබිමක සත්‍ය දත්ත කුමක්ද යන්න පිළිබඳව ද මතුව ඇත්තේ අවුල් සහගත තත්ත්වයක් බව ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් මාධ්‍ය විසින් ද සැක මතුකරමින් තිබේ.
 
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් නිසි අධීක්ෂණයක් නොමැතිව සිටින බවට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී පෙරේදා (10) අනාවරණ විය.
 
එමෙන්ම නැගෙනහිර පළාතෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ද විශාල පරස්පරතාවක් පවතින බව ඊයේ  අනාවරණ විණි.
 
මේවනවිට අප වෙත වාර්තාවී ඇති තොරතුරුවලට අගෝස්තු 05 වනදා සිට මේ දක්වා මෙරට කොරෝනා අසාදිතයින් ගණන 5000 කට අධිකය. ඇතැම් දිනවල අසාදිතයින් ගණන 6000 කට ඉක්මවූ බවට ද වාර්තාවේ.
 
දිවයින පුරා පිහිටි සෞඛ්‍ය පරීක්ෂණාගාර වාර්තා හා සෞඛ්‍ය අමාත්‍යංශයේ දෛනික වාර්තා පරික්ෂා කිරීමේදී එම තොරතුරු අනාවරණයවී ඇත. 
 
ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කමිටුව පෙරේදා පස්වරුවේ රැස්වූ අතර දිස්ත්‍රික්කය තුළ කිසිදු අධීක්ෂණයක් නොමැතිව ආසාදිතයින් 7,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට එහිදී අනාවරණය විය.
 
 
 
'අද දෙරණ' විශ්ලේෂණාත්මක අනාවරණයක් 
 
 fggh
 
ඒ අනුව දැඩි ආන්දෝලනයට තුඩුදෙන මෙම සංඛ්‍යාලේඛන පිළිබඳව 'අද දෙරණ' නාලිකාව විශ්ලේෂණාත්මකව සොයා බැලීමක් සිදුකර තිබිණ. 
 
ඒ සම්බන්ධව එම නාලිකාව විසින් මෙසේ වාර්තා කර තිබිණ.
 
මෙරට කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
 
  
පසුගිය අගෝස්තු 01 වනදා සිට අගෝස්තු 09 දක්වා දින 09 සැලකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ බවට වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3629කි. කෙසේ වෙතත්, එම දින 09 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තාවී ඇති බව පෙරේදා  පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණය වුණි.
 
  
එනම් එම කාලසීමාව තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා ආසාදිතයින් 8,926ක් වැඩියෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව ඒ අනුව පැහැදිලිය.
 
මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් නම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවට සැලකිය හැකි දෛනික ආසාදිතයින්ගේ සාමාන්‍ය 1,395ක් වැනි ඉහළ අගයක් ගැනීමය.
 
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙලෙස දින 09 කදී වාර්තා වූ ආසාදිතයින් 12,555 දෙනා සැලකීමේදී ඉන් රෝහල්ගත කර තිබෙන සංඛ්‍යාව 4046ක් ලෙස දැක් වෙයි.
 
එනම් අදාළ දින 9ක කාලය තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ සමස්ත ආසාදිතයින් ගණන වූ 3,629ද ඉක්මවා ආසාදිතයින් ප්‍රමාණයක් රෝහල්ගතකර තිබෙන බව පෙනීයයි.
 
තවත් 1,506 දෙනෙකු නිවෙස් තුළ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද වාර්තා විණි.
 
සමස්තයක් ලෙස සැලකීමේදී ආසාදිතයින් 8,900කට වැඩි සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තානොවී තිබීම ප්‍රශ්නාර්ථයක් මතුකරන්නකි.
 
 
 
නැගෙනහිර තත්ත්වය !
 
eastern
 
මේ අතර කොවිඩ් ආසාදිතයින් පිළිබද සංඛ්‍යාවල අවුල්සහගත තත්ත්වයක් පවතින පසුබිමක නැගෙනහිර පළාතේ ආසාදිතයින්ගේ සංඛ්‍යා දත්තවල පරස්පරතාවක් මතුවන්නේ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අනාවරණයකළ දත්ත කිහිපයක් හේතුවෙනි. 
 
ඔහු ඊයේ පැවසුවේ පසුගිය පැය 24 තුළ නැගෙනහිර පළාතේ ආසාදිතයින් 837ක් වාර්තාවී ඇති බවය.
 
ඒ අනුව, පෙරේදා රජය නිකුත් කළ දත්තවලට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 ක් සදහන් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 342ක් විය යුතුය. 
 
එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71ක් ලෙස රජයේ දත්තවල සඳහන් වුවද එය 163ක් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.
 
අම්පාර දිස්ත්‍රික්කයේද පෙරේදා  ‍රජය තහවුරු කළ සටහනේ දැක්වෙන්නේ ආසාදිතයින් 78ක් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 332ක් ලෙස දැක්වෙයි.
 
එබැවින් දත්තවල ඇති අවුල් සහගත තත්ත්වයක් මනාව පිළිබිඹු වෙයි.
 

 
 
 
රට ම නොමග යවන්නේ කව්ද ?
 
මෙසේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රටේ තීන්දු තීරණ ගන්නා මැති ඇමතිවරුන්, වෛද්‍ය විශේෂඥයින් වැනි  වගකිවයුත්තන් නොමග යවමින් කටයුතු කරන්නේ කව්ද ? යන කාරණයෙදී පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳව බරපතල සැකයක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු 'ද ලීඩර්' වෙත පැවසිය. 
 
සිය අනන්‍යාතාවය හෙලිනොකරන්නැයි ඉල්ලා සිටිමින් තව දුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පැවසුයේ, වාර්තාවන ආකාරයට හමුදාවේ ඉහල ම නිලධාරියෙක් හා සමාජ මාධ්‍යවලට සම්බන්ධ දෙදෙනෙකු මෙම මෙහෙයුමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.
 
එම හමුදා නිලධාරියා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නොවනබව අවදාරණය කර සිටි එම නිලධාරියා වැඩි දුරටත්  කියා සිටියේ, යුධ හමුදාපතිවරයා ද මෙම කරුණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවයි. 
 
කෝවිඩ් ආසාදිතයින් හා මරණ සංඛ්‍යා සම්බන්ධයෙන් වැරදි සහගත සංඛ්‍යා ලේඛන හා වාර්තා ප්‍රකාශයට පත්වීම නිසා වසංගතය මර්ධනය කිරීමට අදාළ නිවැරදි තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා අසමත්ව ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
 
 

 

 


 

THE LEADER TV 
 
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 
 
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්