ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් වසංගත තත්ත්වය මෙතරම්ම උග්‍ර අතට හැරෙන්නට දීමෙහි සම්පූර්ණ වරද
ආණ්ඩුව බාරගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
 
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රකාශයක් උපුටා දක්වන විපක්ෂ නායකවරයා පවසන්නේ, ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරයෙකු "ඉදිරිය දෙවියන්ට බාර දිය යුතුයැ" යි ප්‍රකාශ කර ඇති අතර, මරණ සහ ආසාදිතයින් හමුවීම අතින් ශ්‍රී ලංකාව ලොව අංක එකට පත්වී ඇති අවස්ථාවක ආණ්ඩුව "අමනෝඥ සහ වගකීම් විරහිත ලෙස" හැසිරෙමින් සිටින බවය.
 
"සමස්ත රටේ ජනතාව කෙසේ වෙතත්, තමන්ට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ ජනතාවගේ බුද්ධියට ද නිගා දෙන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමට තරම් ආණ්ඩුව පිරිහී තිබීම කණගාටුදායකය," යනුවෙන් ද නිවේදනයේ දැක්වේ.
 
keheiya
 
 
අගෝස්තු 10 වැනි දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, "කොවිඩ් වසංගතයට එරෙහිව හොඳම සහ ආසන්නම අංග සම්පූර්ණ විසඳුම වශයෙන් ලෝකය පිළිගන්නේ එන්නත්කරණය බව" ප්‍රකාශ කළේ ය.
 
"අවුරුදු 18 ට වැඩි සියලුම දෙනාට එන්නත ලබා ගන්න හැකි තත්ත්වයට රට පත් කරනවා. මේක තමයි අපිට තිබුණු ලොකුම අභියෝගය. ඉන්දියාවේ ඇති වුණු විප්ලවීය තත්ත්වය තුළ ඔවුන්ට එන්නත් පනස් දාහක්වත් පිටට දෙන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ.
 
"අපේ ඉලක්කය තමයි අන්න ඒ පහසුකම ලබලා දීලා ඉතිරි ටික දෙවියන්ට බාර දීම," අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පවසා සිටියේ ය.
 
 
 
'කොරෝනාවෛරසය එන බව අපි කල්තියා දැනුම් දුන්නා'
 
කෙසේ වුවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව "ආක්‍රමණය කරන බව" ඔවුන් කල්තියා දැනුම් දී තිබූ නමුත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක මැදිහත්වීමක් නොකළ බවය.
 
එය දැන් රට ආක්‍රමණය කර ඇති අවස්ථාවේත් ආණ්ඩුව හැසිරුනේ "අතිශය උන්මත්තක, වගකීම් විරහිත" විලාසයෙන් බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
 
"මුල සිටම කොරෝනා ව්‍යසනය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් කර ගත්තේ ආණ්ඩුව ය. තමන් විසින් කොරෝනා පරාජය කළ බවට පුරසාරම් දොඩමින් ආණ්ඩුව මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබේ."
 
මෙරටට අවශ්‍ය කරන එන්නත් සපයා ගන්නැ යි තමා පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් අනේක වාරයක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි නමුත් එය උපහාසයෙන් යුතුව බැහැර කළ ආණ්ඩුව, ඒ වෙනුවට ධම්මික පැණිය ප්‍රචලිත කළ බවත්, ආණ්ඩුවේ ඇමැතිවරුන්ම 'පැණි ප්‍රචාරක නියෝජිතයින්' ලෙස පත්වූ බවත් ඔහු චෝදනා කරයි.
 
image fc25acb55a
 
විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ මුල සිටම ආණ්ඩුව එන්නත්කරණයේ දී ඊට බලපුළුවන්කාරකමත්, දේශපාලනයත් ගාවාගත් අතර, එන්නත්කරණය සම්බන්ධයෙන් අදටත් ඉදිරිපත්වන වාර්තා පරස්පර බවයි.
 
වසංගතය පාලනය කළ සෑම රටක්ම සෞඛ්‍ය විශේෂඥයින්ට එම කටයුත්ත භාරදුන් නමුත් ශ්‍රී ලංකාව ඔවුන් පසෙකලා හිතුමනාපේ තීන්දු තීරණ ගත් බවත් විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.
 
"රටට කොරෝනා ආසාදනය වී තිබියදී ආණ්ඩුවට ආසාදනය වී ඇත්තේ බල උන්මාදය, පුහු මාන්නය, උද්දච්චකම සහ වගකීම් විරහිතකම නැමැති රෝගයන් ය. අවාසනාවට ඉන් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ රටේ ජනතාවට ය."
 
ආණ්ඩුවේ සීග්‍ර එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රශංසාවට ලක්කළ ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයින් කිහිප දෙනෙකුම බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් අවධාරණය කළේ, වසංගතය මැඩලීම පිණිස එන්නත්කරණය පමණක් ප්‍රමාණවත් නොවන බවය.
 
 
 
'දෙවියන් බුදුන් මතක්වෙයි මරණ මංචකේ දී ඔයිටත් වඩා'
 
dfgfttty
 
මේ අතරේ, කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ සිය අදහස් දැක්වූ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, "දෙවියන්ට කියන්නට පෙර අපේ යුතුකම් අපි හරියට කළ යුතු" බව ප්‍රකාශකර සිටියෝ ය.
 
"දෙවියන්ගේ ආශිර්වාද ගන්න නම්, දෙවියන්ට කියන්න නම්, අපි ඉස්සරවෙලා හැදෙන්න ඕනේ," උන්වහන්සේ පැවසූහ.
 
"ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මීට මාස දෙකකට ඉස්සරවෙලා කිව්වා, මේ විපත්ති පිළිබඳව කතා කළා. අපි මේකෙන් රැකුණේ නැත්නම්, ආරක්ෂා වුණේ නැත්නම්, මේ මේ දේවල් වෙනවා කියලා කිව්වා. අද විශේෂඥ මතයත් පැත්තකට විසිකරලා, ගණන් ගන්නේ නැති තැනට මේ ආණ්ඩුව පත්වෙලා තිබෙනවා."
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එන්නත් කරන තුරු යම් යම් සීමා ක්‍රියාත්මක කළ යුතු බවය.
 
"නිසි කලට පෙර ලිහිල් කිරීම ඉතා ඉහළ මරණ අනුපාතයකට තුඩු දෙනු ඇත," යනුවෙන් සඳහන් කළ ඇය, "සාමාන්‍යයෙන් පුද්ගලයින්ට ආරක්‍ෂාව වර්ධනය වන්නේ දෙවන මාත්‍රාවෙන් සති 2 කට පසුවයි," බව ද පෙන්වා දුන්නාය.
 
 Dr Suneth
 
මේ අතර වහා රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරි දින 20 තුළ අමතර මරණ 1,200 ක් වත් වලකා ගත හැකි බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි සඳහන් කර තිබුණි.
 
"තීරණ ගැනීමේදී දින 5 ක ප්‍රමාදයක්, අවම වශයෙන් 700 දෙනෙකුවත් නොසිතා ඝාතනයට ලක් කිරීමක් වනු ඇති," බව ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය අගම්පොඩි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්විණ.
 
බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඒ හා සමාන අදහසක් පළ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක, දැන්වත් වසංගත මර්දනය වෛද්‍ය විශේෂඥයින්ට භාර කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළේය.
 
  119901368 91ded8eb 5050 4560 a785 f76d0b478c35
(ඡායාරූපය -PRESIDENT.GOV.LK)
 
 
වසංගතය මැඩලීමේ කාර්යය භාරව සිටි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු ඉහළ පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවක් සිය නිලතලවලින් ඉවත්කිරීම පිළිබඳව ද වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම පිණිස ප්‍රබල කාර්යභාරයක් ඉටු කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කර තිබුණි.
 
කෙසේ වුවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇතුළු බලධාරීන් දිගින් දිගටම අවධාරණය කරන්නේ, වසංගතය මැඩලීමේ එකම ක්‍රියාමාර්ගය එන්නත්කරණය පමණක් බවය.
 
වසංගතය අවස්ථාවේ මිනිස් ජීවිත ද බේරාගෙන, වසංගතයෙන් පාඩම් උකහාගැනීමේ වැදගත්කම මේ අතර වල්පොල රාහුල ආයතනයේ ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසී සමග සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළහ.
 
 
(BBC සිංහල සේවය)
 
 

 

 


 

THE LEADER TV 
 
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 
 
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image