කොව්ඩ් 19 වසංගතය හමුවේ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධ කරුණු අරභයා අද (13) පැවත්වෙන සම්මන්ත්‍රණයකට සභභාගි වන සේ නඩුකාර උන්නාන්නසේලා වෙත යවන ලද ලිපියක මෙසේ සඳහන් වේ.
 ''මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීමට අසමත් වුවහොත් එය උසස්වීම් දීමේද, වැටුප් වර්ධක දීමේදී, විදේශ පුහුණූ සඳහා යැවීමේදී සහ මහාධිකරණයට පත්කිරිමේදී සැළකිල්ලට ගැනෙන බව ඔබට දැනුම් දෙමු!”
 
මෙය එක්තරා ආකාරයක වක්‍ර අනතුරු හැඟවීමකි. 
 
මෙවැනි සිදුවීමක් මේ තාක් කිසිදු විටෙක සිදුව නැති බව 'ශ්‍රී ලංකා බ්‍රීෆ්' වෙත අදහස් දැක්වූ ජේෂ්ඨ නීතිවේදියකු සඳහන් කර ඇත. 
 
 
WhatsApp Image 2021 08 13 at 9.41.13 AM
 
 
 
පසුගිය දිනෙක කොවිඩ් 19 පසුබිමෙහි ගුරු-විදුහල්පති පා ගමන් තහනම් කිරීමට පොලීසිය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් එක් මහේස්ත්‍රාත්වරයකු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ගැසට් නොකරන ලද ලිපි මත තීරණ ගැනීමට අධිකරණයට නොහැකි බවයි. එම පදනම මත පොලීසියේ එම ඉල්ලීම එම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
 
ආණ්ඩුව අකමැති විය හැකි එවැනි තීරණ ගණනාවක්ම පසුගිය දිනවල ප්‍රකාශයට පත් විය.
 
අද පැවැත්වෙන සම්මන්ත්‍රනයේදී මෙවැනි කරුණූ පිළිබඳව උපදෙස් ලබා දෙනු ඇතැයි නීති අංශ දක්වති.
 
එම ලිපිය පහත දැක්වේ.
 
 
WhatsApp Image 2021 08 13 at 9.43.43 AM 
 
 
 
 
THE LEADER TV 
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්