ලබන සතිය මුලදී සිදුකිරීමට නියමිත බව පැවසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් නොවන බව ජනාධිපති කාර්යාල
ආරංචිමාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවට පක්ෂපාති 'අරුණ' පුවත්පත අද (13) සිය ප්‍රධාන සිරස්තලයෙන් යුතුව අවදාරණය කර තිබේ.
 
කෙසේවුවද ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දරන කෙහෙළිය රඹුක්වැල්ල, විදුලිබල අමාත්‍යවරයා ලෙස පත්කිරීමට නියමිත බවද 'අරුණ' පුවත් වාර්තාවේ සඳහන් වේ.
 
විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍ය ධුරයටත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍ය ධුරයටත්, විදෙස් කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන අමාත්‍ය ධුරයටත් පත්කිරීමට නියමිත බවත් එම පුවත් වාර්තාවේ දැක්වේ. 
 
මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන අඟහරුවාදා (17) සිදුකිරීමට සැලසුම් කර ඇතැයි 'අරුණ' පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
 
 
මේ අතර ජනාධිපතිවරයා ඊයේ සෞඛ්‍ය ඇමැතිවරියට දැනුම් දී ඇත්තේ වසංගත පාලනයේදී මාධ්‍ය හා ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වහාම විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කරන ලෙසයි. ඒ අනුව අමාත්‍යවරිය හෙට පෙරවරු 9.00ට මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමාත්‍යංශය වෙත කැඳවා සාකච්ජා කිරීමට තීරණය කර තිබේ. 
 
 
 
ඩලස්ට කැපිල්ලක් ද ?
 
 
 
'ද ලීඩර්' වෙත වාර්තා වන පරිදි ජනාධිපතිවරයාට මෙම කැබිනට් සංශෝධනයේදී මුලික වශයෙන් ම අවශ්‍ය වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට ඩලස් අලහප්පෙරුම පත්කර ගැනීමයි. 
 
ආණ්ඩුවේ කඩා වැටීමට බලපෑ ඇති මුලිකම කාරණය ජනමාධ්‍ය හැසිරවීමේ දුර්වලතාවය යයි ජනාධිපතිවරයාගේ විශ්වාසය වී තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
 
ඒ හෙයින් ආණ්ඩුව වෙනුවෙන් එවැනි වගකීමක් දැරීමට අමාත්‍ය මණ්ඩලය තුල සිටින එකම පුද්ගලයා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇතැයි පැවසේ. 
 
 
 
 
කෙසේවුවද පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවීමත් සමග වහාම මැදිහත්ව ඇති අගමැති මහින්ද රාජපක්ෂ, එවැනි තීන්දුවක් නොගන්නැයි ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කරන බවට පැතිරගිය ප්‍රචාර අසත්‍යයක් බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පැවසු බව 'අරුණ' පුවත් වාර්තාවේ සඳහන් වේ.
 

 
THE LEADER TV 
 
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
 
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්