කොරෝනා වසංගත ව්‍යාප්තියේ සංඛ්‍යා ලේඛන වෙනස් කිරීමක් සිදු වෙමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී
මොහොමඩ් මුසම්මිල් සඳහන් කරයි.
හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් මිට සම්බන්ධයෙන් යයි පැවසූ මන්ත්‍රීවරයා, යුද හමුදාපතිට අවශ්‍ය නම් මෙම පුද්ගලයන් සොයාගත හැකි බවත් සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී අද (13) පැවැති මාධ්‍ය හමුවකදීය.
මේ දත්ත වෙනස් කිරීම නිසා ආසාදිතයන්ට සාපේක්ෂව වාර්තාවන කොවිඩ් මරණ අනුපාතය වෙනස් වී රට ලෝකයෙ ඉදිරියේත් විහිලුවට ලක්වන බව ඔහු පැවසුවේය.
මේ නිසා ජනාධිපතිවරයා ගන්න තීරණ වැරදි වෙනවා මෙන්ම කොවිඩ් මෙහෙයුම් ක්‍රියාවලියේ සමස්ථයත් බිඳවැටෙන බව මන්ත්‍රීවරයා කීවේය.
ඔහු පැවසුවේ මේ පසුපස විපක්ෂයේ කුමන්ත්‍රණයක් ඇති බවය.
ඔවුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක නොකළහොත් වැරදි දත්ත මත ගන්නා තීන්දු නිසා රට බිහිසුණු අර්බුදයකට ලක්විය හැකි බවත් එම්.එම්. මුසාමීල් මන්ත්‍රීවරයා කියා සිටියේය.
දිනකට අසාදිතයින් 5000 කට වැඩියි :
පසුගිය 11 වැනිදා පමණක් පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ජන් පරීක්ෂණවලින් රටේ වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 5414 ක් බව පැවසු මුසාමීල් මන්ත්‍රීවරයා, පසුගිය අගොස්තු මස 05 වැනිදා සිට අඛණ්ඩව කොවිඩ් ආසාදිතයන් 5000කට වඩා රට තුළ වාර්තා වී ඇතැයි සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරමින් කියා පෙන්වා දුන්නේය.
පසුගිය 11 වැනිදා ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේ මුළු රටේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 2890 ක් ලෙසය. එහෙත්, පසුගිය 05 වැනිදා සිට 10 වෙනිදා දක්වාම රට තුළින් කොවිඩ් ආසාදිතයන් 5000කට වඩා වැඩියෙන් වාර්තා වු බවත් මන්ත්‍රීවරයා කීවේය.
නමුත් ඒ කාලය පුරාම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සමස්ථ කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා කලේ ආසාදිතයන් තුන්දහසකට අඩුවෙනි.
ඒ අගෝස්තු 05 ආසාදිතයන් 2269, අගෝස්තු 6 වැනිදා 2792ක්, අගෝස්තු 7 වැනිදා 2796ක්, අගෝස්තු 8 වැනිදා 2956ක්, අගෝස්තු 09 දා 2938ක් හා අගෝස්තු 10 2904ක් ආදී වශයෙනි.
ජනවාරි වනවිට ලංකාවේ කෝවිඩ් මරණ 18,000ක් !
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින වසංගත තත්වය පාලනයකින් තොරව ඉදිරියට ගියහොත් එළඹෙන ජනවාරි මාසය වන විට කොරෝනා මරණ 18000 ක් පමණ සිදුවිය හැකි යැයි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, වසංගත රෝග හා සම්බන්ධ මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් කන්ඩායමෙහි පස්වැනි රැස්වීමෙන් පසු මෙම නිරීක්ෂනයන් සහ නිගමනයන් ඉදිරිපත් කර තිබේ.
පවත්නා තත්වය පිළිබඳ මනා චිත්‍රයක් ලබා ගැනීම ආසාදිතයින් හා මරණ යන දෙකම නිවැරදිව වාර්තා කිරීමේ වැදගත්කම එම වාර්තාව මගින් අවදාරණය කර ඇත.
සබැඳි පුවත් :
THE LEADER TV
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් !