හිටපු අමාත්‍ය මංගල සමරවීරට ද කෝවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තාවේ. 
 
ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ PCR පරික්ෂයෙන් එබව තහවුරු වී ඇත. ඒ අනුව ඔහු මේවනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ. 
 
මෙම තත්වය තුල පසුගිය දින දෙක තුනෙහි තමන් හමුවීමට පානදුර නිවසට පැමිණි කිහිප දෙනෙකුට ම නිරෝධායනයට ලක්වන්නැයි ඔහු විසින් මේවනවිටත් දැනුම් දී ඇත. 
 
මේවනවිට ඔහුගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිති. 
 
 
ඇමති ප්‍රසන්න, බිරිය ලේකම්වරු දෙදෙනකුටත් කොරෝනා
  
මේ අතර වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරටද ඔහුගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත.
 
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොරෝනා ආසාදනයවූ විසි වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.
 
කොරෝනා ආසාදනයවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ අයි. ඩී .එච් රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
 
 
 
හදිසි පක්ෂ නායක රැස්වීමක්
 
මේ අතර සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීම මත, සඳුදා (16) පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
 
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතය.
 
සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ පවතින කෝවිඩ්-19 වසංගත තත්ත්වය මත මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට, පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තමන් යෝජනා කළ බවය.
 
එළඹෙන අඟහරුවාදා (17) සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට, මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණි.
 
 
THE LEADER TV 
 
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
 
 
පවිත්‍රාදේවීට පලනොකියා පලාබෙදිල්ලක් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්