අදින් ඇරඹී  යාපනය නල්ලුර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පුජා උත්සවයට පැමිණි බැතිමතුන් හා පොලිසිය අතර නොසන්සුන්තාවක් හටගෙන තිබේ. 

 
උතුරේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ නල්ලුර් කෝවිලේ ප්‍රධාන ගේට්ටුව අසල රැඳී සිටී පොලිසිය බැතිමතුන්ට ඊට ඇතුල්වීම අවහිර කළ බවයි. 
 
පුජාව සඳහා කෝවිලට ඇතුල්වීමට පොලිසිය අවසර ලබා දී ඇත්තේ ඒ සඳහා ප්‍රවේශ පත් හිමි බැතිමතුන්ට පමණි. 
 
කොවිඩ් 19 වසංගතය පැතිරයාම වළක්වා ගැනීමේ සෞඛ්‍ය උපදෙස් අනුව පුජා උත්සවයට සභාගිවන පිරිස සීමා කිරීමට පොලිසිය හා කෝවිලේ භාරකරුවන් අතර සාකච්ජාවක්  ඊයේ පවත්වා තිබේ. 
 
යාපනය ජේෂ්ඨ පොලිස් අධිකාරි උජිත් ලියනගේ සමඟ පැවති මෙම හමුවේදී තීරණය වී ඇත්තේ සීමිත බැතිමතුන් පිරිසකට කෝවිල භාරකරුවන්ගේ කැමැත්ත අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමටයි.
 
අද සිට දින 25 ක් පුරා පැවැත්වෙන නල්ලුර් කන්දසාමි කෝවිලේ උත්සවය වෙනුවෙන් පැමිණි බොහෝ බැතිමතුන්ට කෝවිල් භූමියට ඇතුල්වීමට අවසර නොලැබීමෙන් නොසන්සුන් වූ ඔවුන් පොලිසියේ විරෝධය නොතකා කෝවිල ඉදිරිපිට මහමග පහන් දල්වා, මල් පහන් පුදා, පොල් ගසා  ආගමික වතාවත් කළ බවයි උතුරේ වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
 
දශක ගණනාවක් සිට වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික නල්ලුර් කන්දසාමි කෝවිලේ පුජා උත්සවය විශාල බැතිමතුන් පිරිසක් සහභාගිවන විශේෂිත ආගමික උත්සවයකි. 
 

 

 

 


 

THE LEADER TV 
 
 
 
යෝෂිතගෙන් අලුත් කරණමක්!
 

 
 
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
 
 
 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්