හෙටට (15) යෙදී ඇති ඉන්දීය ජාතික නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි
පුරෝකථනයක් කරමින් වාර්තාවක් පලකළ මාධ්‍යවේදියකුට, කට උත්තරයක් ගැනීම සඳහා අද(14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණෙන්නැයි දුරකථනය මගින් දැනුම් දී තිබේ. 
 
එසේ පොලිසියට කැඳවා ඇත්තේ, 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායකයි.
 
ඔහු අද පොලිසියට පැමිණෙන බවට එකඟතාවය පළ කර තිබියදී, ඊයේ(13) සවස සහ අද උදැසන ඔහුගේ බිරිඳ සහ දරුවන් වාසය කරන මහනුවර නිවසටත් ඔහුගේ දෙමාපියන් වාසය කරන මාවනැල්ලේ  නිවසටත් පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් ඔහුව සොයමින් ඔවුන් හිරිහැරයට ලක් කර ඇතැයි 'ලංකා ඊ නිව්ස්' ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර පවසයි.
 
සිද්ධියට පාදක වූ කරුණු පැහැදිලි කරමින් 'ලංකා ඊ නිව්ස්' ප්‍රධාන කතුවරයා පළකර ඇති සටහනක මෙසේ ද සඳහන් වේ.
 
 
 
අනතුරු ඇඟවීමක් !
 
''හෙට (15) ඉන්දීය ජාතික නිදහස් දිනය යි. කලාපයේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන තලේබාන් ත්‍රස්තවාදීන්ගේ නැගී ඒමත් ඒ පසුපස චීන ආණ්ඩුව සිටීමත් චීනය ලංකාව තුල නිදහසේ කරගෙන යන කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයත් පිළිබඳ සැලකිල්ලෙන් පසුවන කීර්ති රත්නායක හෙට නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට අනතුරු ඇඟවීමක් කර ඇත.
 
 චීන සහ තලේබාන් ත්‍රස්තවාදීන් අතර සම්බන්ධය පෙන්වීම සඳහා සේයාරුවක්ද ඔහු ඉදිරිපත් කර තිබිණ. එය තලේබාන් ත්‍රස්තවාදීන් සහ චීන විදේශ ඇමැති එකට සිට ගත් සේයාරුවකි. 
 
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ඉන්දීය තානාපති කාර්යාලය දිල්ලියට මේ බව දැනුම් දීමෙන් අනතුරුව දිල්ලි ආණ්ඩුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමතා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා ඇත. 
 
තොරතුරු අනුව ආරක්ෂාව දැඩි කරනවා වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ පණිවිඩකරුවා පසුපස පොලිසිය හඹා යමින් ඔහු දඩයම් කිරීමට උත්සාහ කිරීමකි. එසේ නොමැති නම් තමන් පොලිසියට එන බව දන්වා තිබියදීත් කීර්තිගේ අඹු දරුවන් සහ දෙමාපියන් වෙසෙන  නිවෙස් වලට මහ පාන්දර කඩා පනිමින් ඒ මිනිසුන් හිරිහැරයට පත් කරන්නේ නැත.
 
ඒ මදිවාට ඔහුගේ දුරකථන අංකය පරීක්ෂා කළ පොලිසිය ඔහු දුරකථන ඇමැතුම් ලබාගෙන තිබූ එක් යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකුගේ බිරිඳ අමතා ඇයව ද ප්‍රශ්න කර තිබේ. 
  
"ඔබ මේ කීර්ති සමග මෙපමණ වේලා මොනවා කතා කළේද?" යි විමසූ පොලිසියට ඇය අපූරු පිළිතුරක් දී තිබිණ. "මම අවුරුදු 18 වැඩි අයෙක්නේ. මට ඕනෑ කෙනෙක් සමග මං කැමැති වෙලාවක් කතා කළාම ඔබට ඇති අමාරුව කුමක්ද?" යි ඇය පිළිතුරු දී ඇත.
 
කීර්ති රත්නායක යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකි. දැන් ඔහු හමුදා සේවයෙන් ඉවත්ව සිටින අතර කලාපීය ආරක්ෂක සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විශ්ලේෂනයේ යෙදේ. ඒ සම්බන්ධ ලිපි රාශියක් ඔහු ලංකා ඊ නිව්ස් වෙත ලියා ප්‍රසිද්ධ  කර ඇත. 
 
 කීර්ති රත්නායක ලියූ පුරෝකථන රාශියකි. කලාපයේ ආරක්ෂක දේශපාලන විශ්ලේෂකයෙකු වශයෙන් ඔහුගේ පුරෝකථන සඵල වීමේ හැකියාව 84% ක් යැයි ගණන් බලා ඇත්තේ අප නොව ජාත්‍යන්තර නිරීක්ෂකයන් ය. ''
 

 

 


 

THE LEADER TV 
 
 
 
යෝෂිතගෙන් අලුත් කරණමක්!
 

 
 
ගෑස් මිළ ඉහළට : සමාගම යෝෂිතට ?
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්