රාජපක්ෂ යුගයේ තිබු සුදු වෑන් භීෂණයේ සංකේතය වන 'දරුණු ඇමරිකානුවා' ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළ බව

පවසන මුදල් අමාත්‍ය මංගල සමරවීර, අතීතයේ හුදෙකලාව හා අන්ධකාරය කරා ආපසු යාමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යදැයි විමසා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ අද දිනයේ දී 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා විසින් නිකුත්කළ ට්විටර් පණිවිඩයක එබව සඳහන් වේ. එම පණිවිඩයේ මෙසේ දැක්වේ.

''ම්ලේච්ඡයන් දැන් දොරටුව අභියසට විත් ඇත. රාජපක්ෂ යුගයේ තිබු සුදු වෑන් භීෂණයේ සංකේතය වන 'දරුණු ඇමරිකානුවා' අද ජනාධිපති ධුරය සඳහා සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කළේය. අතීතයේ හුදෙකලාව හා අන්ධකාරය කරා ආපසු යාමට ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍යද?''

Mangala Twite

එසේම මංගල සමරවීර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.
Gota will not be the next president: Mangala

 

රටේ ජනතාවට භීතියක් ගෙන ඒමක් - චන්ද්‍රිකා

මේ අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීම රටේ ජනතාවට භීතියක් ගෙන ඒමක් බවයි. ITN නාලිකාව සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.


 

සමාජ මාධ්‍ය කතිකාවක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ගැනීමෙන් අනතුරුව සම්මේලනය ඇමතු ගෝඨාභය රාජපක්ෂ කළ ඇතැම් ප්‍රකාශ මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංවාදයට ලක්වෙමින් තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ත්‍රීවිධ හමුදාවේ විධායකයා ලෙස තමාට බාරදුන් සියලු වගකීම් රාජකාරියට ද පිටින් ගොස් ඉහළින්ම ඉටුකිරීමට කිසිවිටක නොපැකිළුනු පැවසු ගෝඨාභය රාජපක්ෂ, ''ඉදිරියේ අද ඇති අභියෝග ජයගැනීමට නායකත්වය සැපයීමට සුදානම් බව ඔබ සියළු දෙනා ඉදිරියේ ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා" සිය කතාව ආරම්භ කරමින් කියා සිටියේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති කලම්බු ටෙලිග්‍රාෆ් සංස්කාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ සඳහන් කර තිබේ.

''ගෝට කියන්නෙ පැවරූ රාජකාරියට එහාට ගිහින් වැඩ කරන කෙනෙක්ලු,
අයිය පොඩ්ඩක් බය කරන්න කියපු උන්වත් ස්වර්ගස්ථ කරේ ඒකයි..

UK post 

අගමැතිගේ සහෝදරයාගේ TNL නාලිකාව බරටම වැඩ!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ සම්මේලනය 'අද දෙරණ' හා 'හිරු' නාලිකා ඔස්සේ සජීව ලෙස විකාශය කර අතර අගමැති රනිල් වික්‍රමසිංහගේ සොයුරට අයත් TNL නාලිකාව ද එම වැඩසටහන සජීවී ලෙස විකාශය කිරීම සුවිශේෂී සිද්ධියකි.

ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය උපන්දිනය වෙනුවෙන් විශේෂාංග පුවත් වාර්තාවක් සකසා විකාශය කලේද ශාන් වික්‍රමසිංහගේ මෙම නාලිකාව පමණි.

ගෝඨාභය වෙනුවෙන් පැවති 'පොහොට්ටුවේ' සම්මේලනය සජීවී ලෙස විකාශය කිරීම දේශපාලනිකව වැදගත් කාරණයක් වන්නේ, අගමැතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායක පසුගිය සති කිහිපයෙහි වරින් වර හොර රහසේ ගෝඨාභය රාජපක්ෂ හමුවී ඇතිබවට එජාපය තුල දැඩි ලෙස විවේචනයට ලක්වෙමින් තිබිම නිසාය.

එසේම ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩු වලින් ඔහුව බේරාගැනීමට ආධාර උපකාර කළේ අගමැති රනිල් වික්‍රමසිංහ හා පොලිසිය බාරව සිටි සාගල රත්නායක අමාත්‍යවරයා බවට ද චෝදනා එල්ලවී තිබිණ. සාගල රත්නායකට පොලිසිය බාර අමාත්‍ය ධුරය අහිමිවිමටද එම චෝදනා බලපෑ බව ප්‍රසිද්ධ කාරණයකි.

ඒ අතීතය සිහිපත් කෙරෙන පොස්ටුවක් සිය FB පිටුවේ පළකර ඇති නිහාල් රත්නායක මෙසේ පවසයි.

''ගෝඨාභයගේ කතාව හොදයි.
හැබැයි රනිල්ට ස්තුති නොකරපු එක වැරදියි.''

Nihal R Post 

ඒ අතර "ඔබෙත් ඔබේ දුදරුවන්ගේ ආරක්ෂාවේ වගකීම මා බාර ගන්නවා'' යයි ගෝඨාභය රාජපක්ෂ සම්මේලනය අමතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ පොස්ටුවක් පළකර ඇති අනුරාධ විජේසුරිය පහත සටහන පළකර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ මෙන්ම පුතා ද මේවනවිටත් ඇමරිකානු පුරවැසියන් බව අඟවමිනි.

''ඔබේ දරුවන්ගේ අනාගතය මට භාරදෙන්න
මගේ දරුවන්, ඇමරිකාව බලාගනි..
හ්හි හිකි.හ්හි
පොහොට්ටුවේ අපේක්ෂකයා''

Anurada post 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්