පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක් හා ගුවන්විදුලි නාලිකාවක් එළැඹෙන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන

අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශකර කරයි. හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිතය. 

 
පටිගත කිරීම් 7000කට අධික ප්‍රමාණයක් අවසන් කොට ඇති බවත් ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති බවත් අධ්‍යාපන අමාතවරයා පසුගියදා මාධ්‍ය හමුවේ පැවසිය. 
 
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව අරඹන අතර ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධව රූපවාහිනී නාලිකා අරඹන බව කීය.
 
 
කෙසේ වෙතත් මෙම රූපවාහිනී නාලිකා 06 ම විකාශය වන්නේ වෙනම මුදල් ගෙවා සම්බන්ධවීමට අවශ්‍ය ‘පියෝ ටීවී‘ නාලිකා වලින් බව වාර්තාවේ. රජය මගින් විකාශය කරන අධ්‍යාපන නාලිකා නැරඹීමට පියෝ ටීවී සම්බන්ධතාවය නොමිලේ නොලැබෙන අතර සෙටප් ටොප් බොක්ස් මිලට ගැනීමට හා සම්බන්ධතා ගාස්තු මෙන්ම මාස්පතා ගාස්තුද ගෙවිය යුතුවේ..
 
 
මේ දක්වා ඩයලොග්ටීවී වැනි සැටලයිට් ටීවී සම්බන්ධතා තිබෙන සිසුන්ගේ ගෙවල් වලට මෙම නාලිකා නරඹන්නට අවශ්‍ය නම් එම සම්බන්ධතා නවතා දමා හෝ එයට අමතරව ‘පියෝ ටීවී‘ වෙත මාරු විය යුතුය.
 
මේවනවිට මෙරට නිවෙස් ලක්ෂ 05කට පමණ ‘පියෝ ටීවී‘ හිමිකම් ඇති අතර ලබාදී ඇති ඩයලොග්ටීවී සම්බන්ධතා ගණන ලක්ෂ 12ක් පමණවන බව වාර්තාවේ.
 
ඇන්ටනාවකින් ‘ෆ්‍රී ටු එයාර්‘ නාලිකා පමණක් නරඹන දිවයිනේ බහුතර නිවාස වලට මෙම අධ්‍යාපන නාලිකා නරඹන්නට අවස්ථාවක් නොලැබෙනු ඇත.
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 102.1 සහ 102.3 යන ගුවන් විදුලි තරංග මලා ඔස්සේ ‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව දීප ව්‍යාප්තව අසන්නට ලැබෙනු ඇති මුත් එහි සීමිත ගුවන් කාලයෙන් සියලුම ශ්‍රේණිවල පාඩම් එකවර ආවරණය කිරීමේ දූෂ්කරතාවයක් පවතී.
 
අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06 අරඹන බව ඇමතිවරයා පසුගිය සතියේ කියුවේය. මේ වෙනුවෙන් මිලියන ගණනාවක මුදල් රජය වෙන් කර තිබේ. 
 
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ සන්නිවේදන ක්ෂේත්‍රයේ විද්වතකු පැවසුයේ අධ්‍යාපන ඇමතිවරයාගේ අදහස කාලෝචිත වුවත්, මැලේසියානු සමාගමකට සියයට 48ක කොටස් හිමි ශ්‍රී ලංකා  ටෙලිකොම් ආයතනයකට පමණක් සුවිශේෂ වරප්‍රසාදයක් ලබාදීමක් සිදුකර තිබීම බලවත් අසාදාරනයක් බවයි.
 
 
(මුලාශ්‍රය : gossiplankanews.com)
 

THE LEADER TV 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්