ඊයේ (අගෝස්තු 11) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයෙදී එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, තමා කිසිඳු විදෙස් රටකට ශ්‍රී

ලංකාවේ ස්වාධිනත්වය පාවා දීමට සුදානම් නැතැයි පවසමින්, ඒකාබද්ධයේ ජාතිකවාදී බලවේග දිනා ගැනීමට උත්සහ කල ද මින් ඉදිරියට ඇමරිකාව සමග සොෆා සහ ඇක්සා වැනි ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන්නේ ද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් නොකිරීම එවැනි බලවේගවල කනස්සල්ලට හේතුවී ඇතැයි 'ද ලීඩර්' වෙත වාර්තාවේ.sofa text1

ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ඇමෙරිකානු ශ්‍රී ලංකා ආරක්ෂක ගිවිසුම හෙවත් "සොෆා ගිවිසුම" සහ ඇක්සා ගිවිසුමට රාජපක්ෂ කඳවුරේ ඇතැම් පක්ෂ මේවනවිටත් දැඩි විරෝධයක් පළකරමින් සිටිති. දේශප්‍රේමී ජනතාව හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ අමෙරිකානු හමුදා මෙරට නීතියට අවනත නොවන සෝෆා සහ ඇක්සා ගිවිසුම පරාජය කිරීම බව ඒකාබද්ධයේ ඇතැම් පක්ෂ නායකයින් පසුගිය දින කිහිපයෙහි වරින් වර අවධාරණය කර තිබිණ.

"අපි සෑම රටක් සමග මිතුරුකම් පැවැත්වීමට සුදානම්, නමුත් අපි කිසිම රටකට අපේ රටේ ස්වාධිනත්වය පාවා දෙන්න සුදානම් නැහැ. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන ඕනෑම රටක් සමග සමතත්ත්වයෙන් කටයුතු කළ හැකි ගෞරවාන්විත පාලනයක් අපි යළි ස්ථාපිත කරනවා. මාතෘ භූමියේ ස්වෛරී භාවයට හානියක් කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්නේ නෑ ." පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සම්මේලනය අමතමින් පැවසීය.


ඇමරිකානු නිලධාරීන් මහින්ද හමුවූ අවස්ථාව

MR with 2019.0812 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයට පැය කිහිපයකට පෙර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකර ලේකම් Alice Wells හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Alaina B Teplitz විපක්ෂනායක නිල නිවසේදී ඊයේ (11) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවීම සැක උපදවන කාරණයක් වන අතර එම සාකච්ඡාවේ දී අවධානය යොමු කළ කරුණු අමෙරිකානු තානාපති කාර්යාලයත්, රාජපක්ෂ පවුලත් රහසක්ව තබා ගැනීම මෙම සැකය වඩාත් තීව්‍ර කරන්නක් බව සමාජ මාධ්‍ය සටහන් වල පළවේ.

ගෝඨාභය රාජපක්ෂ සිය කතාවේදී අමෙරිකානු ආරක්ෂක ගිවිසුම් ප්‍රතික්ෂේප නොකළේ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් මේවනවිටත් නොවිසඳි ඇති ගැටළු නිසා විය හැකි යයි ද සමාජ මාධ්‍ය සැකමතු කරයි.

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක් යටතේ අදාළ ගිවිසුම් අත්සන් කර ගැනීම සඳහා ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය නිදහස් කිරීමට ඇමරිකානු රජය කටයුතු කරන්නේ ද යන සාධාරණ සැකයක් මතුව ඇතැයි ද එවැනි සමාජ මාධ්‍ය පොස්ටුවල සඳහන්වේ.

ඇමෙරිකාවට මෙරට භූමිය, ගුවන් මෙන්ම මුහුදු සීමාව පරිහරණය කිරීමේ අවසරය දුන්නේ මහින්ද රාජපක්ෂගේ සමයේදී අත්සන් කළ ඇක්සා ගිවිසුම මගින් බව ජනතා විමුක්ති පෙරමුණු  මන්ත්‍රී නලින්ද ජයතිස්ස මිට Sofa text2ඉහතදී පාර්ලිමේන්තුවේදී පැවසීය. 2007 වසරේ ජූලි මාසයේ අත්සන් කළ එම ගිවිසුමට ශ්‍රී ලංකාව නියොජනය කරමින් අත්සන් තැබුවේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මේ වන විටත් ඇමෙරිකානු ‍යුද නැව් පැමිණෙන්නේ එම ගිවිසුම අනුව විය හැකි බව කී මන්ත්‍රීවරයා, මේවනවිට එම නැව් ගැන කතාකරන මන්ත්‍රීවරුන් ගිවිසුම අත්සන් කළ කාලයේ නිහඬව සිටි බවද කීවේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවති රසායනික අවි සම්මුතිය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ එම ගිවිසුම අත්සන් කළ සමයේ ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂගෙන්  තමන් ඒ ගැන විමසීමක් කළ බවයි.

එම ගිවිසුමට තමන් අත්සන් නොකරන නිසා කලබල නොවන ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා හා තානාපතිවරයකු අත්සන් කරන එම ගිවිසුම වලංගු එකක් නොවන බවත් මහින්ද රාජපක්ෂ පැවසූ බවත් නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.

වීඩියෝ 
ගෝඨා ගේ ඇමරිකන් ගිවිසුම් ගැන ඇත්ත නැත්ත මෙන්න

 මේවනවිට කල් ඉකුත්ව ඇති එම ඇමරිකානු ගිවිසුම් යළි අත්සන් කිරීමට ඉඩක් තිබේදැයි කියන කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයකු වන ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ පවසයි.

''මේ ආණ්ඩුවෙන් දැන් ඇමෙරිකාවට SOFA අත්සන් කරගත නොහැක. එය කළ හැක්කේ අලුතින් පත්වන හමුදා සහායද ලබාගත හැකි ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයෙකුට පමණි. 2007 මාර්තු වේදී ගෝඨා ACSA අත්සන් කෙරුවේ Fifth Columnist කෙනෙකු ලෙසිනි. එනිසා එවැන්නෙකු රාජ්‍ය නායකයාවීම හා ඇමෙරිකානු අවශ්‍යතාව අතර ප්‍රතිවිරෝධයක් තිබිය නොහැක.''sofa text3


ගෝඨා ඇමරිකානු ගත්තකු නොවන බව !

ගෝඨාවාදී කල්ලි කණ්ඩායම් මේදිනවල ඇමරිකානු විරෝධයක් ඉස්මතු කරමින් සිටින්නේ, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු ගත්තකු බවටත් ඔහුට ඇමරිකාවේ සහය පලවී ඇතිබවටත් දවසින් දවස හෙළිදරව් වෙමින් තිබෙන තත්වයක් තුලය.

ගෝඨාගේ ඇමරිකානු පක්ෂපාතිත්වය හෙළිකෙරෙමින් මෑතකදී සංවාදයට ලක්වූ කැරුණු කිහිපයක් මෙසේය.

# ගෝඨාභය පාර්ලිමේන්තුවට නොදන්වා, ඇමරිකාව සමග රහස් ගිවිසුමක් ගසා ඇතිබව: 

# රොබට් ඕ බ්ලේක්, ගෝඨාට දුන් සහතිකය !

ගෝඨාභය රාජපක්ෂ මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් පසුගියදා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමිනි.

# මිලින්ද මොරගොඩ, රොබට් බ්ලේක්, ගෝඨාභය එකම ව්‍යාපෘතියක් ද? -වාසුදේව නානායක්කාර මතුකරන සැකය :

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර අවධාරණය කර සිටියේය.

වීඩියෝ 
 

# ඇමරිකානු ගැති රොහාන් ගුණරත්නගේ සම්ප්‍රාප්තිය:

උතුරේ යුද්ධයට එරෙහිව යම් යම් මත ප්‍රකාශ කළ පුද්ගලයෙකු ලෙසත්, ඇමරිකන් ඔත්තුකරුවෙකු ලෙසත්, බටහිර එන්ජීඕ ඒජන්තයෙකු ලෙසත් ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමිකයින් විසින් ම ලේබල් කර සිටි ආචාර්ය රොහාන් ගුණරත්න පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව මෙරට රාජ්‍ය බුද්ධි අංශවල දුර්වලවීම බව හඟවමින් ගෝඨාබය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී බුද්ධි අංශ මෙහෙයවූ ආකාරය ගැන ප්‍රසංශා කළේය.

කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවති 'වියත්මඟ' සම්මන්ත්‍රනයක ප්‍රධාන දේශනය සඳහා ද ආචාර්ය රොහාන් ගුණරත්න මහතාට ආරාධනා කර තිබිණි.   

# ලංකාවට එනවිටත් ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීම :

ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ  ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ ගොනු කළ දිවුරුම් ප්‍රකාශයකට අනුව, ඔහු 2005 දී සිය සහෝදරයාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එරටින් සංචාරක විසාවක් ලබාගෙනය. 2005 දී ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔහු ඇමරිකානු පුරවැසියෙකු මිස ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවීය.

# කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම:

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිබඳ ලියකියවිලි බාරදී ඇත්තේ 2019 මාර්තු හා අප්‍රේල මාසවලදී බව මේ වෙද්දී තහවුරුවී ඇත.

ගෝඨාභය රාජපක්ෂ 2019 මාර්තු මාසය දක්වාම සිය කැමැත්තෙන් ඇමෙරිකානුවෙකුව සිටීම ගැටලුකාරී බවට සමාජ මාධ්‍ය ඔස්සේ මත පලවී ඇත.

# ගෝඨාභය රාජපක්ෂයේ පවුලේ සාමාජිකයින් සියලු දෙන දැනට ද ඇමරිකානු පුරවැසියන් බව :

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ තමන් ඇමෙරිකානුවෙක්ය යන කාරණාවද සඟවාගෙන සිටීමට උත්සාහ ගත්ත ද අන්තිමේදී එය පොදුජන සංවාද තලයට ආවේ ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසාය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්