කොළඹ අපරධ කොට්ඨාශය විසින් ඊයේ (අගොස්තු 14) දිනයේ දී අත්අඩංඟුවට ගත් ලංකා ඊ නිව්හි වෙබ් අඩවියේ මාධ්‍යවේදී, හිටපු ගුවන් හමුදා බුද්ධි
නිලධාරියකුද වන කීර්ති රත්යනායකට ජීවිත තර්ජනයක් ඇතිවිය හැකි බවට නීතිඥ උපුල් කුමාරප්පෙරුම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කරන්නේ කීර්ති රත්නායක සිය සේවදායකයකු බවයි.
කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳව ඔහු ලබා දුන් තොරතුරුවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පසුගිය 14වනදා පෙරවරුවේ කොල්ලුපිටිය පොලිසියට පැමිණෙන ලෙස රත්නායක දැනුම් දුන් බව සඳහන් කරන එම ලිපියේ ඔහු සමඟ මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත නිලධාරියෙකු ද පැමිණිමට නියමිතව තිබූ බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඔහු පොලිසියට පැමිණිමට පෙර අවස්ථාවකදී සිය සේවාදායකයා කොළඹ අපරාධ කොට්ඨාශයට (සීසීඩී) අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔහුව එහි ගෙන එන ලද බවත්, එම ලිපිය තවදුරටත් සදහන් කරයි.
ඉන්පසුව නීතිඥ අමිල එගොඩමහවත්ත සිය උපදෙස් මත සීසීඩීයට පැමිණ ස්ථානාධිපතිවරයා සහ සීසීඩී හි තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ඉදිරියේ සිය සේවාදායකයා හමු වූ බව කුමාරප්පෙරුම විස්තර කරයි.
කීර්ති රත්නායක සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සඳහා දින තුනකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගන්නා බව එකී ස්ථානාධිපතිවරයා විසින් නීතිඥ එගොඩමහවත්තට දැනුම් දී තිබේ.
නීතිඥ උපුල් කුමාරප්පෙරුම
නීතිඥ කුමාරප්පෙරුම සඳහන් කරන්නේ සිය සේවාදායකයා වන කීර්ති රත්නායකගේ සමීපතම මිතුරෙකු ඔහුට දැනුම් දුන් පරිදි සීසීඩී විසින් සිය සේවාදායකයා ලබන සඳුදා එනම් 16දා පෙරවරුවේ මහනුවරට රැගෙන යාමට සැලසුම් කර ඇති බවත් මහනුවර බලා යන ගමනේදී රත්නායකගේ ජීවිතයට විශාල අනතුරක් ඇති බවත්ය.
“ඉහත සඳහන් කළ තත්වයන් තුළ, මා නිහතමානීව ඉල්ලා සිටින්නේ මේ කාරණයට මැදිහත් වී ඔහුගේ ජීවිතය රැක ගන්නා ලෙස අදාළ බලධාරීන්ට දැනුම් දෙන ලෙස” යැයි කුමාරප්පෙරුම ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි තිබේ.
පසුගිය කාලයෙහි වැඩිදුර පරීක්ෂණ සඳහා යැයි පොලීසිය විසින් බැහැර ගෙන යන ලද සැකකරුවන් ගණනාවක් ම ව්‍යාජ සිදුවීම් නිර්මාණය කර ඝාතනය කර ඇති බැවින් කීර්ති රත්නායකගේ ජීවිතයට ද එම ඉරණම අත් විය හැකි යැයි 'ශ්‍රී ලංකා බ්‍රීෆ්' වෙත අදහස් දැක්වූ මාධ්‍යවේදිනියක ප්‍රකාශ කර තිබේ.
සිය ජීවිතය රැක ගැනීම පිණිස කිර්ති රත්නායක කලක් ඉන්දියාවටද ගොස් සිටි අතර හමුදා බුද්ධි අංශ නිලධාරියකු වශයෙන් සේවය කළ සමය පිළිබඳ තොරතුරු ඉතා වැදගත් විය හැකි බවද වාර්තා වේ.
ඊ නිව්ස් මාධ්‍යවේදියාගෙන් ප්‍රශ්න කරයි
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමට නියමිතව ඇති බවට පණිවුඩයක් යැවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කරගෙන යන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
මෙසේ දැනුවත් කිරීමක් සිදුකළ 'ලංකා ඊ නිව්ස්'හි ආරක්ෂක සහ දේශපාලන විශ්ලේෂකයෙකු වන මාධ්‍යවේදී කීර්ති රත්නායක කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (CCD) විසින් ඊයේ (14) අත් අඩංගුවට ගනු ලැබිය.
විශේෂ කණ්ඩායමක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇතැයි, සඳහන් කරමින් අදාළ පුද්ගලයා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ 3 වන ලේකම්වරියට පණිවුඩයක් යවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසී ය.
'නිවුස්ෆස්ට්' කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම තර්ජනය කඩා කප්පල්කාරි ක්‍රියාවක් ද, ව්‍යාජ එකක් ද සහ ඔහු මෙවැනි පණිවුඩයක් යැවීමේ අරමුණු කුමක් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ පුද්ගලයාගෙන් එලෙස ප්‍රශ්න කරන බවයි.
තවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, ජාතික ආරක්ෂාව වැනි කරුණු පිළිබඳ දැනුමක් ඇති හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන ඔහු තමාට එවැනි තොරතුරක් ලැබුණේ නම්, ඒ පිළිබඳව ප්‍රථමයෙන් පොලීසිය හෝ හමුදාව දැනුවත් කළ යුතුව තිබූ බව යි.
මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ද සෑහීමකට පත්විය යුතු බවත් ඉදිරියේදී මෙහි යථාර්ථය කුමක් ද යන්න දැනගත හැකි වනු ඇතැයි, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මාධ්‍යවේදියා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකි. ඔහු මහනුවර හිදගල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ දින තුනක් රඳවා ගැනීමේ නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටී.
(මුලාශ්‍රය -srilankabrief.org)
සබැඳි පුවත් :
THE LEADER TV
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න