මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ලබන බරපතල චෝදනා එන්න එන්නම වැඩි වීම හමුවේ
ශ්‍රී ලංකාවේ පොලිසියට දෙන බ්‍රිතාන්‍ය පොලිස් පුහුණුව සම්පුර්ණයෙන්ම අවලංගු කළ යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් අවධාරණය කර තිබේ.
 
ශ්‍රී ලංකාවට දෙන පොලිස් පුහුණුව අත්හිටුවා ඇති බ්‍රිතාන්‍යය ප්‍රකාශ කර තිබුණු පරිදි නැවත එම වැඩ සටහන ආරම්භ කිරීමට පෙර පසු විපරමක් කළ යුතුව ඇත. 
 
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අගෝස්තු 13 වැනි දින යැස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) අවධාරණය කර ඇත්තේ "බ්‍රිතාන්‍ය පසු විපරමින් කළ යුත්තේ ශ්‍රී ලංකා පොලිසියට දෙන පුහුණුව අවලංගු කිරීම" බවයි.
 
 
මෑත කාලය තුල ඉහළ ගොස් ඇති අත්අඩංගුවේ මරණ, වධබන්ධන සහ හිතුමතේ රඳවා තබාගැනීම් පිළිබඳව වාර්තා වෙමින් පැවතියදී ශ්‍රී ලංකාවේ පොලිසියට ස්කොට්ලන්ත පොලිස් බලකාය විසින් දෙනු ලබන පුහුණු කිරීම් නවතා දමන්නට තීරණය කර ඇත්තේ මැයි මාසයේදීය.
  
“සියලුම එක්සත් ජනපද ආධාර දෙනු ලබන්නේ අපේ සාරධර්ම වලට අනුගත බවත්, අපේ දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් යුතුකම් වලටත් ගැලපෙන බවත් සහතික කෙරෙන විදේශීය ආරක්ෂක සහ යුක්ති සහාය (OSJA) දීමේ දැඩි තක්සේරුවකින් පසුව,” යැයි ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානී ගැරී රිචී බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය හමුවේ පවසා තිබුණි.
 
සිය නිවේදනය මගින් සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය පෙන්වා දෙන්නේ එම දැනුම්දීම මානව හිමිකම් සංවිධානවලත්, මාධ්‍යවේදීන්ගේත් ප්‍රසාදයට හේතු වී ඇති බවයි.
 
මෙම පසු විපරම සිදුවන්නේ ප්‍රශ්න කිරීමේ විධික්‍රමයක් ලෙස වධබන්ධන යොදාගැනීම පිළිබඳව චෝදනා ලබන පොලිස් ඒකක පුහුණු කිරීම ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.
 
වධහිංසා කිරීමේ භාවිතාවේ ගිලී ඉන්නා ශ්‍රී ලංකා පොලිස් ඒකකවලට බ්‍රිතාන්‍ය පුහුණුව ලබාදීම පුනරීක්ෂණයට ලක් කරන ලෙස සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) 2016 වසරේ සිටම ඉල්ලා තිබුනි.
 
වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට (UNCAT) ඒ අවුරුද්දේ පැමිණි නියෝජිත පිරිසට ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසානයේ පවත්වාගෙන යනු ලැබූ දරුණුතම වධකාගාරයක් භාරව සිටි පොලිස් නිලධාරියා ලෙස එක්සත් ජාතීන්ගේ විමර්ශනයක නම් කර තිබූ අයකු ඇතුලත් කර තිබුනේ කිසිදු විලිබියකින් තොරවය. 
  
“තම ත්‍රස්ත මර්දන පොලිස් ඒකකය පුහුණු කිරීම බ්‍රිතාන්‍යය විසින් සිදු කෙරෙන බව හුවා දක්වමින් සිය වාර්තාවට සුදුහුණු ගාන්නට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස ජිනීවාහිදී වීරිය දැරීය,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය. “චෝදනා ලබන අපරාධකරුවන් වගඋත්තරදායකත්වයෙන් බැඳ තැබීමට ශ්‍රී ලංකාව බරපතල ලෙස පියවර ගන්නා තාක් කල් එම වැඩසටහන අවලංගු කරන ලෙස අපි බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා සිටින්නෙමු.”
 
ත්‍රස්ත මර්දන පොලිසිය (TID ) විසින් සංස්ථාපිතව වධහිංසා පැමිණවීම පිළිබඳ සාක්ෂි සහ ඒ පිළිබඳ චෝදනාවට ලක්වන අපරාධකරුවන් ගණනාවකගේ නම් ද ITJP විසින් එක්රැස් කර තිබේ.
 
ඊට අමතරව, යුද සමයේ පැහැරගැනීම්, වධහිංසා, සහ දෙමළ පුද්ගලයන් මරා දැමීමට සම්බන්ධ වීම ගැන පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සාමාජිකයන් විසින් දෙන ලද ප්‍රකාශනද එම සංවිධානය විසින් ලේඛනගත කර තිබේ .
 
බ්‍රිතාන්‍යය විසින් ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්ය සාධක බලකායට පුහුණු කිරීම පිළිබඳ ඉතිහාසය මුලින්ම වාර්තා කරනු ලැබුවේ ඝාතන සිදු කළ බවට චෝදනා ලබන එම බලකායට පුහුණුව ලබා දීම හා සම්බන්ධ රහසිගත බ්‍රිතාන්‍ය කුලී හේවා කණ්ඩායමක් පිළිබඳව ගවේෂණයේ යෙදුනු ෆිල් මිලර් ජනමාධ්‍යවේදියා විසිනි.
 
54454“2007 සිට දිගටම වාගේ ශ්‍රී ලංකාවේ නිලධාරීන් පුහුණු කිරීමේ යෙදී සිටි ස්කොට්ලන්ත පොලිසිය එම ව්‍යාපෘතිය නවත්වන්නට දැන් තීරණය කිරීම කුතුහලය දනවන්නක් වන අතර, එය මුළුමනින්ම අහෝසි කර දමනු ඇතිදැයි දැනගන්නට ක්‍රමයක් නැතැ,” යි ෆිල් මිලර් පැවසීය. 
  
“මේ වැඩසටහන ගැන ප්‍රශ්න මතුකළ මගේ වසර ගණනාවක ගවේෂණ ස්කොට්ලන්ත පොලිසිය විසින් නොතකා හරින ලද මුත්, සමහරවිට හිට්ලර් ගරු කොට සලකන්නකු මැයි මාසයේදී ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කිරීම බ්‍රිතාන්‍යයට දිරවා ගන්නට බැරි වන්නට ඇතැ,” යි ඔහු වැඩි දුරටත් පැවසීය.
 
මෑත භාගයේ ශ්‍රී ලංකාවේ පොලිස් කුරිරුකම් ගැන වාර්තාකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) “බොහෝ කලකට පෙර සිදුවිය යුතුව තිබූ පුහුණුව අත්හිටුවීම” සම්බන්ධයෙන් ප්‍රසාදය පලකළත්, මැයි මාසයේ ගන්නා ලද තීන්දුව “ශ්‍රී ලංකාවේ පොලිසියේ සැහැසිකම් වෙනස් කොට නැතැ,” යි කියා සිටී.
 
 
“පැහැරගැනීම්, හිතුමතේ අත් අඩංගුවට ගැනීම්, වධබන්ධන සහ ඝාතන පිළිබඳව මැයි මාසයෙන් පසුවත් නොකඩවා වාර්තා වී තිබේ. මෙයින් විදහා දැක්වෙන්නේ හමුදාව වේවා, පොලිසිය වේවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන අපරාධවල සංස්ථාපිත ස්වරූපයයි.” 
 
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට දෙනු ලබන පුහුණුව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ස්කොට්ලන්ත පොලිසිය පුහුණුව දෙන්නේද යන්න පිළිබඳව ෆිල් මිලර්ගේ වාර්තා චිත්‍රපටිය කීනි මීනි: බ්‍රිතාන්‍යයේ පුද්ගලික හමුදාව එළි දැක්වීමෙන් අනතුරුව 2021 පෙබරවාරියේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ ප්‍රශ්න මාලාවක් අසන ලදී. වංක බව කැපී පෙනෙන ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ ස්කොට්ලන්ත පොලිසිය පොලිස් විශේෂ කාර්ය සාධක බලකායට විශේෂයෙන් පුහුණුවක් ලබා නුදුන් බවයි.
 
Redress සංවිධානය හා එක්ව ITJP විසින් 2019 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද ලියවිල්ලක් සදහන්ව තිබුනේ “වධහිංසා කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා ලබන ඒකක තුනක් භාරව සිටි ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් අඩුම වශයෙන් තුන් දෙනකුවත් බ්‍රිතාන්‍යය විසින් මීට ඉහතදී පුහුණු කරන ලද බව වාර්තා වේ.” යනුවෙනි.
 
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට පුහුණුව ලබා දීම සඳහා 2012 සිට බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරීන් හෝ පොලිස් කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ යවන ලද වාර ගණන 90 කි 
 
 
සබැඳි පුවත් :

 

 

 


 

THE LEADER TV 
 
 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්