කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින්න ලෙස කොළඹ නගරාධිපතිනි
රෝසී සේනානායක ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ නගරයට මේ දිනවල පැමිණීම දැඩි ජීවිත අවධානමකට ලක්වීමක් බැවින් කොළඹට එන්න කිහිප වරක්ම එය අත්‍යාවශ්‍ය දැයි සිතා බලා හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙස ඇය ඉල්ලා සිටී.

කොළඹ නගරය පුරා කොවිඩ් වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වී සෑම ප්‍රදේශයකින්ම මෙන්ම ව්‍යාපාරික ස්ථානවලින්ද ආසාදිතයන් වාර්තාවන බවත් දිනකට කොවිඩ් ආසාදිතයන් ඉතාමත් විශාල පිරිසක් මියයන බවත් ඇය සඳහන් කරයි.

කොවිඩ් මර්දනයට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් මත ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණත් රට දිනෙන් දින ඉතිහාසයේ කවදාවත් නොදැකපු නොසිතපු තරම් භයානක තත්වයකට ගමන් කරමින් සිටින බව ඇය පවසයි.


1390 වෛද්‍ය සේවාව


බස්නාහිර පළාතේ COVID-19 වැළඳී නිවසේ රැඳී සිටින ඔබට වෛද්‍ය 1390 සේවාව හරහා උපදෙස් ලබා ගැනීමට ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) / මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දුරකථනයෙන් අමතා හෝ SMS පණිවිඩයක් හරහා හෝ සම්බන්ධ වීම මගින් ඔබගේ දුරකථන අංකය ලියාපදිංචි කරගෙන අවශ්‍ය සේවාවන් ලබාගත හැක.

නිවසේ සිට ප්‍රතිකාර සඳහා අවශ්‍ය සුදුසුකම්
 
⦾ වයස අවුරුදු 2 - 65  අතර වීම

⦾ නිදන්ගත රෝග නොමැති නිරෝගී පුද්ගලයෙක් වීම

⦾ ගැබිණි මවක් නම් සති 24 ට වඩා ගැබ් කාලය අඩු වීම

⦾ නිවසේ අන් අයගෙන් වෙන්ව සිටීමට පහසුකම් තිබීම

⦾ සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වීම
 

ඔබට ලැබෙන සේවාවන්
 
⦾ වෛද්‍යවරයකු විසින් ඔබගේ රෝග ඉතිහාසය ලබාගෙන දිනපතා ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීම

⦾ හදිසි තත්වයක දී අවශ්‍ය උපදෙස් ලබා දීම සහ රෝහලකට යොමු කිරීම
 

 
THE LEADER TV 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්