පාසල් සිසුන්ගේ අධ්‍යාපනය සඳහා දෙසතියක් ඇතුලත දී අධ්‍යාපන රුපවාහිනී නාලිකා ආරම්භ කිරීමට තමාගේ  ප්‍රමුඛතාවය ලබාදෙන බව නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. 
 
ඔහු එබව සඳහන් කළේ අද(16) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාර ගනිමිනි.
 
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ බවය.
 
අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර ප්‍රමුඛ මුල් පෙළේ නිලධාරීන් සමග කෙටි අදහස් හුවමාරුවක නිරත වී තිබේ.
 
එහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් වත්මන් ආයතනවල තත්ත්වය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විමසා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
මීට පෙර ඩලස් අලහප්පෙරුම විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද(16) දින ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිණි.
 
වත්මන් ආණ්ඩුව බලයට පත්වූ මුල් අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.
 
 
 
 
01
02
05
 
 
 
 

 
 
THE LEADER TV 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 
ඇමති නමට සසුන පවරන ත්‍රිපිටක සංරක්ෂණ පනත! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්