1200 x 80 DMirror
 
 

''ආණ්ඩුව පස්සා දොරෙන් වොෂින්ටන් ණය සමාජයට කථා කරනවා'' යයි හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත කීර්ති තෙන්නකෝන් පවසයි.

 
IMF ඇතුව හෝ නැතිව රටේ ණය අර්බුදයට තිරසාර විසඳුමක් සඳහා මාර්ග සිතියමක් අවශ්‍ය බව ඔහු අවදාරණය කරයි.
 
ඔහු විසින් එම කාරනා සඳහන් කරනු ලැබුවේ, ‘ආර්ථික අර්බුදය හා බලශක්තිය‘ මැයෙන් සූම් මාධ්‍යය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
 
‘එකම බඩුවට මිල දෙකක් නියම කිරීම සිහිබුද්ධියෙන් ගත් තීරණයක් විය නොහැකි බව'' පැවසු හිටපු ආණ්ඩුකාරවරයා,  ''අණ්ඩ දැමූ උත්තර වලින් රටේ බලශක්ති අර්බුදයකට විසඳුම් නෑ '' යයි අවදාරණය කළේය.
 
''එකම නිෂ්පාදනයක් - මිල දෙකක්'' ව්‍යවහාරය  ‘පය බරවායට පිටි කර බෙහෙත් බඳින්නා වාගේ‘ වැරදි වෙදකමක් බවත්, රජයේ භාණ්ඩ ආනයනය කිරීමේ සීමා කිරීම බලාපොරොත්තු වු ඉලක්ක ලගා කර ගත නොහැකි වූ මිත්‍යාවක් බවට පත්වී ඇති බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් එම සාකච්ඡාවේදී පැවසිය.
 
ඔහු එම සාකච්ජාවේදී මෙසේද පැවසිය.
 
  
ගැසට් ගසා ආනයනය සීමා කලත් 2021 මුල් මාස 6 තුල ඩොලර් මිලියන 10,015 ක භාණ්ඩ ආනයන සිදු කර තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 7, 670 (30%) ක වැඩිවීමකි.  
 
 
ජූලි 21 දින සිට මාසයක් වෙළෙදපොලට ගෑස් සපයන්න රජයට නොහැකි වී තිබෙනවා. 
 
ගෑස් පෝලිම්වලට අමතරව දැන් භුමිතෙල් පෝලිම් රට පුරා දකින්න තියෙනවා. 
 
බලශක්ති අර්බුදය සහ ආර්ථික අර්බුදය එකම ප්‍රශ්ණයේ ප්‍රකාශනයන් දෙකක්. එකකින් එකක් වෙන්කර විසඳුම් සොයන්නට බෑ‘
 
 
අසරණයින්ට බදු ගසා ධනපතියන් පිනවීම
 
 
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ මේ වසරේ රු. බිලියන 300 ක බදු මුදල් අහිමි විය හැකි බවයි.  ලක්ෂ 14 ක් වූ ආදායම් බදු ලිපිගොනු වලින් මේ වන විට 60% ක් පමණ අකර්මණ්‍ය වී ඇත.  
 
 
ලෝක වෙළෙඳපොල මිලට සාපේක්ෂව ඉන්ධන හා ගෑස් මිල වැඩි නොකිරීම තුල මෙරට බැංකු පද්ධතිය කඩා වැටෙන්නට පුළුවන්.
 
ගෑස් පාවිච්චි කරනේ රටේ ජනගහනයෙන් 50% යි. කිරිපිටි පාවිච්චි කරන්නේ රටේ ජනගහනයෙන් 1/3 යි. 
 
මේ රටේ අන්ත දිළිඳු ජනතාවට බදු ගසා මධ්‍යම පාන්තිකයින්ට සහන දී තිබෙනවා. ඒ අතර මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධි පෙන්නුවා වගේ ‘අලුත් ගෑස් සමාගමක්‘ ගෙන්නමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා.
 
 
බංකොලොත් ඛනිජ තෙල් සමාගම:
 
 
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන්, පෞද්ගලික විදුලි බලාගාර, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 15,350ක් (බිලියන 153.5) ක් පමණය ණය වී ඇත. 
 
එයින්, විදුලිබල මණ්ඩලය රු. කෝටි 8200 ක්, ශ්‍රී ලංකන් කෝටි 5,700 ක්, තාප විදුලි නිෂ්පාදන සමාගම් කෝටි 1,200 ක් ලෙස ප්‍රමුඛ ණයකරුවන්ය.  
 
රට අභ්‍යන්තරේ ණය අර්බුදයේ ලොකුම පංගුව තෙල් සංඛාවේ ණය අර්බුදය යි.  දැන් එයට සිහින ගෑස් සමාගමක් සම්බන්ධ කර ණය බර තවත් පුළුල් කරන්නට රජය යෝජනා කරයි.   
 
 
තෙල් සංස්ථාව ඩොලර් කෝටි 16,000 ක් ලෝකයට ණයයි !
 
 
තෙල් සංස්ථාව ඩොලර් කෝටි 16,000 ක් ලෝකයට ණය ය. රටේ ඩොලර් අර්බුදය උග්‍ර වූවේ ණය ගෙවීමෙන් පමණක් නොවේ. මාස 16 කින් දැන් ආනයන තෙල් බිල (ඩොලර්) ගෙවන්නට කටයුතු නොකිරීම නිසාය. 
 
 
රජයේ බැංකු දෙක ඩොලර් නැතත් ණයවර ලිපි විවෘත කරමින් රටට තෙල් ගෙනෙයි. 
 
ණයට බොර තෙල් සැපයීම සඳහා දැන් සැපයුම්කරුවන් ඉදිරිපත් වෙන්නේ නෑ.  
 
මේ වසරේ මුල් මාස 6 හි ඩීසල් හා පෙට්‍රල් ගෙන්වන්න පසුගිය වසරට මුල් භාගයට වඩා 55% ක මුදලක් (ඩොලර් මිලියන 1343.5) වැය කර ඇත.
 
 බොර තෙල් ගේන්න බැරි වුණාම වැඩි මිලට පිරිපහදු කළ ඉන්ධන මිල දී ගෙන ඇත. ඉන්ධන ආනයනය හා එයට නිසි කලට මුදල් නොගෙවීම රටේ ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය වන්නේ ඒ නිසාය.   
 
 
විදේශ සංචිතය ඩොලර් මිලියන 2,833.5 කි
 
 
දැන් ලංකාවේ විදේශ සංචිතය ඩොලර් මිලියන 2,833.5 කි.  රාජ්‍ය බැංකුවලට මාසිකව ලැබෙන්නේ ඩොලර් අවශ්‍යතාවයෙන් 10% කටත් අඩු ප්‍රමාණයකි. 
 
 ඩොලර් නැතිකම නිසා වරායේ කන්ටේනර් තොගයක් ගොඩ ගැසී ඇත.  
 
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාස තුනකින් ලැබෙන ඩොලර් බිලියන 2.6 ක් ගැන දවල් සිහින දකිමින් සිටී.
 
  
රටේ අභිවෘද්ධියට වැදගත් වන්නේ  IMF යනවා ද? නැත්ද? යන්න නොව රටට බඩු ගේන්නට ඩොලර් සොයා  ගත හැකිද? යන්නය.  නිදහසින් පසු එකම අවස්ථාවකවත් ණය ගෙවීම් අතපසු කර නොමැති ලංකාව ඉදිරියේ ණය ගෙවිය හැකි ද? යන්නය. ඒ සඳහා වන වැඩ පිළිවෙළක් තිබේද? නැද්ද? යන්නය.
 
 
යහපාලන රජය සමයේ මහ බැංකුවේ ප්‍රබලයෙකු සහ වත්මන් තානාපති නිලධාරියෙකු, වොෂින්ටන් ණය අවස්ථාවන් පිළිබඳ (IMF සමඟ) පස්සා දොරින් ගණුදෙනු අරඹා ඇත. 
 
ප්‍රමාද වී හෝ රජයට බුද්ධිය පහළවීම යහපත්ය.  ණය ලැබීම කෙසේ වෙතත්, අවම වශයෙන් රටේ ණය අර්බුදයෙන් ගොඩ ඒමට එයින් මාර්ග සිතියමක් හෝ සකස් වන්නේ නම් වැදගත් ය.''
 

 
 

 

THE LEADER TV 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 
ඇමති නමට සසුන පුදා - රැකියාවට මහණවීම! 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58