රාජපක්‍ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව කටයුතු කරන බව පවසමින් ඒවායේ මුල්‍ය අධීක්‍ෂණයට පනත් කෙටුම් පත් කිරීම නිසා

ආණ්ඩුව සමඟ සහයෝගයෙන් සිටී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්ගේ බලාපොරොත්තු බිඳ වැටී තිබේ.  

රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණයට දැනටමත් පිහිටුවා ඇති ලේකම් කාර්යාලය යටතේ විදේශ දායකත්ව නියාමන පනත කෙටුම්පත් කිරීමට අමතරව එම සංවිධාන වලින් ලංකාවට ලැබෙන සියළුම මුදල් හා ආධාර ගැන සොයා බැලීමට මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය, ජාතික බුද්ධි අංශ ප්‍රධානි සහ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ඒකාබද්ධ කර ඒකකයක් පිහිටුවීම ගැන රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයෝ  කනස්සල්ල පළ කරති. 
 
මේ ගැන නිවේදනයක් නිකුත් කරන 'ජාතික සාම මණ්ඩලය' කියා සිටින්නේ ආණ්ඩුව සමඟ සාකච්ජා කිරීමේදී සාමය ගොඩනැගීම හා සංහිඳියාව ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව වැඩ කරන බව කීවද, රාජ්‍ය නොවන සංවිධාන කටයුතු සිමා කළ හැකි නව නීති සම්පාදනය මගින් සාමය  හා සංහිඳියාව සඳහා වූ වැදගත් වැඩ පිළිවෙලේ විශ්වාසනීයත්වය බිඳ වැටෙන බවයි. 
 
 
''පාස්කු  ප්‍රහාරයට හේතුවුයේ රාජ්‍ය නොවන සංවිධාන නියාමනයේ හිඟකම නොවේ. පවතින නීති රෙගුලාසි අනුව මුදල් ගනුදෙනු පරීක්‍ෂා කිරීමට අපොහොසත් වීම හා රාජ්‍යයට ලබා දුන් බුද්ධි තොරතුරු අනුගමනය නොකිරීම'' යැයි 'ජාතික සාම මණ්ඩලය' පෙන්වා දෙයි.
 
 
රාජ්‍ය නොවන සංවිධාන ගැන ඕනෑම සොයා බැලීමක් කළ යුත්තේ පෞද්ගලික සමාගම් සහ දේශපාලන පක්ෂ වැනි රාජ්‍ය නොවන ආයතන වල රෙගුලාසි වලට අනුව බව පෙන්වා දෙන 'ජාතික සාම මණ්ඩලය' වැඩිදුරටත් කියා සිටින්නේ, පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා ගැන නිමක් නැති වාද විවාද පවතින විට රාජ්‍ය නොවන සංවිධාන වලින්  පලිගැනීම සාධාරණීකරණය කළ නොහැකි බවය.
   
සාමය ගොඩනැගීම හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට එකඟතාවය උදෙසා වූ ශ්‍රී ලංකා සාමුහිකය නමින් ජාතික සාම මණ්ඩලය ඇතුළු ප්‍රධාන පෙලේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් ජනාධිපති හා හිටපු විදේශ ඇමති දිනේෂ් ගුනවර්ධන හමුවී සාමය හා සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු පියවර ඇතුලත් සන්දේශයක් ජනාධිපති වෙත බාර දෙමින් එහි අඩංගු යෝජනා පදනම් කර ගනිමින් ඉකුත් අගෝස්තු 8 වැනිදා සාකච්ජාවක් පැවැත්වීය. 
 
 
 එම සංදේශයට අත්සන් යොදා තිබුනේ සාම මණ්ඩලයේ ප්‍රධානි ජෙහාන් පෙරේරා, රාජපක්ෂ ආණ්ඩුවේ සමීපතමයෙක් වූ කළුපහනේ පියරතන භික්ෂුව, හිටපු රදගුරු ආසිරි පෙරේරා පියනම, මුස්ලිම් කවුන්සිලයේ හිල්මි අහමඩ්, ක්‍රියාන්විතයන්හි දී අතුරුදහන්වූ හමුදා සාමාජිකයන්ගේ ඥාතීන්ගේ සංවිධානයක් පවත්වාගෙන යන විශාඛා ධර්මදාස, පැපරල් සංවිධානයේ ප්‍රධානි රෝහණ හෙට්ටිආරච්චි, මඩකළපුව ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියෙක් වූ වර්නකුලසිංහම් කමලාදාස්, සංජිව විමලගුණරත්න, මහාචාර්ය  ටී. ජෛසිංහම්, මහාචාර්ය ටියුඩර් සිල්වා ජෝ විලියම්ස්, හා දයානි පනාගොඩ  ඇතුළු රාජ්‍ය නොවන නියෝජිතයෝ පිරිසකි.
 
 
 
ජනාධිපතිගේ ටුවිටර් සටහන ගැන ප්‍රසාදය:
 
 
''වගවීම හා මානව හිමිකම් තහවුරු කිරීම සඳහා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ වැඩ කිරීමට කැපවී සිටින්නෙමු. කල්පවත්නා සාමය හා සංහිඳියාව ඇතිකර ගැනීමට, අවශ්‍ය ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන්  ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිමය රාමුව තුල ඇති ගැටළු විසඳීමට අපි කැපවී සිටින්නෙමු'' යනුවෙන් ජුලි 21 වැනිදා ජනාධිපති රාජපක්ෂ විසින් සිය ටුවිටර් ගිණුමේ තැබු සටහන ගැන ප්‍රසාදය පළ කළ ඔවුන් ඒ සඳහා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ උත්සහයට සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කළේය. 
 
WhatsApp Image 2021 08 17 at 2.43.44 PM 
 
'' බාධාවකින් තොරව කතා කිරීමට අවස්ථාව ලැබූ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සියළුම අදහස් වලට සවන් දීමෙන් පසු ජනාධිපතිතුමා කියා සිටියේ සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට  සිවිල් සමාජයට  රජයට සහාය විය හැකි බවයි. දරුවන්ගේ හා කාන්තාවන්ගේ අයිතීන් සුරැකීමට සිවිල් සමාජය සමග කටයුතු කිරීමට තමා කැමති බවත්, සියලු ජනයාගේ අයිතීන් ආරක්ෂා කිරීමට තම රජය කැප වී සිටින බවත් ඔහු පැවසීය`` යනුවෙන් ජනාධිපති ගෝඨාභය පැවසූ බව සාකච්ජාවෙන් අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ නිකුත් කළ නිවේදනයක  දැක්වේ.
 
 ත්‍රස්ත පනත සංශෝධනයට පියවර ගැනීම, බලය බෙදීමේ පියවරක් ලෙස පළාත් සභා මැතිවරණ පැවැත්වීම  ඇතුළු තවත් අදහස් රැසක් ජනාධිපති විසින් දැක්වූ බව පවසන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ වැඩිදුරටත් කියා සිටින්නේ, ''හමුවීම පුරාම සුහදශීලි බවක් සහ අනොන්‍ය ගෞරවයක්'' පැවති බවය. රාජ්‍ය නොවන සංවිධාන නිරීක්ෂණයට අදාළ ලේකම් කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශයට නොව වෙනත් සිවිල්  කටයුතු අමාත්‍යංශයක් වෙත පවරන මෙන්ද  මෙහිදී ඉල්ලා තිබේ. 
 
 
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ප්‍රධානි  වියත් මග ක්‍රියාධර රාජා ගුණරත්න රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කැඳවා  ඉල්ලා සිටියේ, මුල්‍ය අර්බුදයක සිටින ආණ්ඩුවේ කොවිඩ් රෝගී මර්දනයට සහයෝගය ලබා දෙන ලෙසයි. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් අත්හැර ඒ මුදල් ආණ්ඩුවේ කොවිඩ් මර්දනයට ලබා දෙන ලෙස ඉල්ලා සිටී අතර ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් එය ප්‍රතික්ශේප කර තිබිණි. 
 
 
එහෙත් කොළඹ කේන්ද්‍රීය ප්‍රධාන පෙලේ රාජ්‍ය නොවන සංවිධාන ඊට සහයෝගය ලබා දෙමින් ආණ්ඩුවට ආධාර ලබා දුන් අතර කොවිඩ් මර්දන කටයුතු සදහා රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින්  සර්වෝදය ව්‍යාපාරයේ   ප්‍රධානි වින්යා ආරියරත්න සහ පැපරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි සම්බන්ධිකාරකයන් ලෙස පත් කළේය. 
 
ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින්ද රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පත් කළ අතර ඔහුන්ගෙන් බහුතරයක්ම ජාතික සාම මණ්ඩලයේ ක්‍රියාධරයන් ය.
 
මේ අතර  ඉකුත් ජුනි මාසයේදී  මානව හිමිකම් ස්ථාපිත කිරීම හා ප්‍රවර්ධනය ගැන රාජපක්‍ෂ ආණ්ඩුව සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ උවමනාව පෙන්නුම් කරමින් මානව  හිමිකම් කොමිසමේ සභාපති හිටපු ඇමතිවරයෙක් වූ  ආචාර්ය ජගත් බාලසුරිය සමඟ ද රාජ්‍ය  නොවන සංවිධාන නියෝජිත පිරිසක් සාකච්ජා කොට තිබිණි. 
 
 
  
THE LEADER TV 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද?
 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්