රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් නොපමාව ම කැඳවන්නැයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීම් කර තිබේ.

කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිළිවලක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවන ලෙසත් ඊට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද කැඳවන ලෙසත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ අද (17) පෙරවරුවේදීය.
 
ජනාධිපතිවරයා සහ එජාප නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ අතර සාකච්ජාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති අතර ඉහත ඉල්ලීම සිදුකර ඇත්තේ එහිදීය.
 
එජාප නායකයා විසින් ඊයේ කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවත්වුණු බව වාර්තාවේ.
 
එජාපය විසින් කොවිඩ් මර්ධනය සඳහා සකස් කළ යෝජනාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇත.
 
දැනට රට තුළ තිබෙන කොවිඩ් තත්වය, ඖෂධ හිඟය, රෝහල් වල තත්ත්වය පිළිබඳ එජාප නායකයා ජනාධිපතිවරයාව දැනුවත් කළ බව ද  වාර්ථා වේ.
 
එජාප ආරංචිමාර්ග පවසන පරිදි, මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර කෙසේ වුවත් පක්ෂ නායකයින්ගේ රැස්වීම් සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැත. 
 
 
 
 
ශ්‍රීලනිප නායකයා කියපු කතාව 
 
 
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් වහාම කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
 
ඔහු මෙසේ පැවසුවේ කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
 
මේ අවස්ථාවේදී අප කළ යුත්තේ එක එක්කෙනාගේ වැරදි සොයනවාට වඩා තිබෙන ප්‍රශ්නය විසඳා ගැනීම යැයි පැවසූ හිටපු ජනපතිවරයා, ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවක සියලු දෙනා පක්ෂ පාට බේද අමතක කර එකාවන්ව ඒකරාශි විය යුතු බවද සඳහන් කළේය.
 
රට අද මුහුණ දී සිටින්නේ මුළු ලෝකයම බලාපොරොත්තු නොවූ ව්‍යසනයකට යැයිද හෙතෙම පැවසුවේය.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මීට වඩා උදව් මෙරටට ලබා ගත හැකි බවත් මුළු ලෝකයේම නායකයන් මේ ව්‍යසනයෙන් අද කම්පනයට පත්ව සිටින බවත් සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය .
 
සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟය ශ්‍රී ලංකාව පමණක් මුහුණ දී සිටින තත්වයක් නොවේ යැයි කී හෙතෙම ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය සේවයේ සම්පත් හිඟයට මුහුණදී ඇතැයිද කීවේය.
 
මේ තත්වයෙන් ගොඩ ඒමට සියලු දෙනා එකාවන්ව අධිෂ්ඨාන කරගත යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
 
 
 

  
THE LEADER TV 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද?
 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්