බස්නාහිර පළාත තුළ මේ වනතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ

වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භකර ඇත. 

ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමිනි.
 
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලය, සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් චන්දන අරංගල සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව එම වැඩසටහන ආරම්භකරනු ලැබුවේ පසුගිය 12 වෙනිදා ය. 
 
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ අදහසකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
 
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් සමගින් විශේෂ ජංගම එන්නත්කරණ රථ 10 ක් මෙම කාර්ය සඳහා සූදානම්කර ඇත. 
 
  
මෙම ජංගම එන්නත්කරණය සිදුකර ගැනීමට අවශ්‍ය පුද්ගලයින්  0112860002 හෝ 1906 යන දුරකථන අංක ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා ලියාපදිංචි වීමෙන් එන්නත්කරණය සිදුකර ගැනීමේ හැකියාව හා වැඩිදුර තොරතුරු ලබාගැනිමේ හැකියාව ඇත.
 
 
ලැබෙන තොරතුරු මත, අවශ්‍යතාවය හා ප්‍රමුඛත්වය මත කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිරන්තර අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම ජංගම එන්නත්කරණ වැඩසටහනේ නිරීක්‍ෂණ කටයුතු සඳහා වෛද්‍යවරයෙක් සමඟ ගිලන් රථයක් එන්නත්කරණ ක්‍රියාවලිය පුරාවටම අවශ්‍ය අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.
 
රජයේ සෞඛ්‍ය නිලධාරීන්, අනෙකුත් වෘත්තිකයින් සහ පරිපූරක වෛද්‍යවරුන් විසින් සිදුකරගන යනු ලබන එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරිමේ අරමුණින් ජනාධිපතිගේ උපදෙස් මත බස්නාහිර පළාතේ එන්නත්කරණ වැඩසටහනට යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද දෙනු ලබන බව යුධ හමුදා මුලස්ථානය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.
 
 20210812 armymobilevehicle 0320210812 armymobilevehicle 08

  
THE LEADER TV 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද?
 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්