මාරාන්තික කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ නිෂ්පාදන කර්මාන්ත ආයතන පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස් නිසි

පරිදි ක්‍රියාත්මක නොකිරීමෙන් නව වෛරස් ප්‍රභේදයන්ට සේවකයන් ගොදුරුවෙමින් සිටින බව පුද්ගලික අංශයේ ප්‍රමුඛතම වෘත්තීය සමිතියක් විසින් හෙළි කර තිබේ.

 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමු කරමින් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය දැනුම් දී ඇත්තේ මේ වන විට රට පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිරී යන කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය නිසා නිදහස් වෙළඳ කලාප සහ ඉන් පිටත කර්මාන්ත ශාලාවල විශාල සේවක සේවිකාවන් පිරිස් ඉතා බරපතල ලෙස රෝගාතුරවී ඇති අතර අනෙක් සියලු දෙනා බලවත් දුෂ්කරතාවයනට මුහුණ දෙමින් සිටින බවයි.
 
 
garment industry in sri lanka trade zone anton marcus 
ඇන්ටන් මාකස් 
 
 
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසන්නේ  බොහෝ කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට ප්‍රමාද වී හෝ එක එන්නත් මාත්‍රාවක් ලබා දී ඇතත් එන්නත් මාත්‍රා දෙකම මෙතෙක් ලබා දී ඇත්තේ සුළු ප්‍රතිශතයකට පමණක් බවයි.
 
මේ තත්වය යටතේ බොහෝ කර්මාන්ත ශාලාවල එන්නත් ලබා දී ඇති නිසා සේවක සේවිකාවන් පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක් නොකරන බව ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා පෙන්වා දෙයි.
 
"බොහෝ කළමණාකාරීත්වයන් ප්‍රකාශ කරනුයේ 2021 අප්‍රෙල් මස ඔබ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් මාලාවට අනුව එවැනි පරීක්‍ෂණවලට ලක් කළ යුත්තේ සියයට 01 ක් පමණක් යැයි උපදෙස් දී ඇති බවය. එහෙත් එම උපදෙස කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වසංගත තත්ත්වය බරපතල ලෙස උග්‍ර කරවීමට පෙර දෙනු ලැබූ උපදෙසකි. එබැවින් එය තව දුරටත් අදාල නොවන බව අපගේ තේරුම් ගැනීම ය."  
 
 
වෘත්තිය සමිති නායක ඇන්ටන් මාර්කස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධනට තව දුරටත් දැනුම් දී ඇත්තේ එම උපදෙස් මාලාවෙහි වායුසමීකරණය කර ඇති ආයතනවල වාතාශ්‍රය ලැබීම සඳහා වා කවුළු විවෘතව තබන ලෙස උපදෙස් දී ඇතත් ආයතන එසේ නොකරන බවයි.
 
 
"කර්මාන්තශාලාවල වායුසමීකරණය ක්‍රියාත්මක කෙරෙන්නේ භාවිතයට ගන්නා රෙදිපිළි තොගවල ගුණාත්මකභාවය රැකගැනීම සඳහාය. එනිසා එම ගොඩනැගිලිවල වා කවුළු සවිකර ඇත්තේ ආලෝකය ලැබීමට පමණි. විවෘත කිරීමක් එනිසා සිදු නොවේ."
 
මෙයද නොඅඩුව සැළකිල්ලට ගත යුත්තක් බව වෘත්තිය සමිති නායකයා සෞඛ්‍ය බලධාරියාට අවධාරණය කරයි.
 
 
කලාපය දැඩි වසංගත අවදානමක
 
 
ඇන්ටන් මාර්කස් සිය ලිපියේ සදහන් කර ඇති පරිදි මේ වන විට සියළුම කර්මාන්තශාලා තම උපරිම නිෂ්පාදන ධාරිතාවය කරගෙන යාම සඳහා සියළුම සේවක සේවිකාවන් දෛනිකව සේවයට කැඳවනු ලැබේ.
 
එබැවින් කෝවිඩ්-19 ආසාදනය වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව මීටර දෙකක පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු නමුත් මීටරයක හෝ පුද්ගල දුරස්ථභාවයක් රැකීමට බහුතරයක් ආයතනවලට නොහැක.
 
එහෙත් කිසියම් අයකු ආසාදිතයකු වුවහොත් ආසන්නම ආශ්‍රිතයන් කිසිවකු හෝ හුදකලා නොකරන අතර සිරිත් පරිදි ඔවුන් එම සේවා ස්ථානවලම සේවයේ යොදවන බවයි ඇන්ටන් මාර්කස් පවසන්නේ.
 
"ඉවත් කරනු ලබන්නේ ආසාදිතයන් පමණි. මේ පිළිබඳව එක් ඇඟළුම් ආයතනයක අප වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රශ්න කළ විට කළමණාකාරීත්වය පවසා ඇත්තේහදිසි ඇණවුම් ඇති බැවින් එසේ කළ නොහැකි බවය. මේ වන විට එම ආයතනයේ සේවක සේවිකාවන් හතළිස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ආසාදිතයන් වී ඇත. එසේ ආසාදිතයන් වූ සේවකයන්ගේ නිෂ්පාදනය ද ඉතිරි සේවකයන් ලබා දිය යුතු යැයි එම කළමණාකාරීත්වය දන්වා ඇත."
 
 
the elite clothing brands paying sri lankan factory workers poverty wages body image 1463673140 
 
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 40,000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර එම සේවකයන් ආසාදිතයන් වූ විට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත්තේ ඊට ආසන්නයේම පිහිටි මීගමුව රජයේ රෝහලෙනි.
 
මෙම රජයේ රෝහලේ කොවිඩ් වසංගත වාට්ටු උපරිමයට පිරී ඇති තත්වය  යටතේ එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වෙළඳ කලාප  සේවකයන්ට නොහැකි වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
 
නිදහස් වෙළඳ කලාප සහ අවට අනෙකුත් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට හුදකලා මධ්‍යස්ථාන ඇතුඵ නිරෝධායන මධ්‍යස්ථාන කටයුතු ද අවශ්‍ය ප්‍රමාණයෙන් පී.සී.ආර් පරීක්ෂණ කිරීමේ වගකීම ද එම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතේ සිදු විය යුතු බව  නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය අදහසයි.
 
මේ වන විට ඉතා බරපතල ලෙස කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා  පැතිර යන බව සෞඛ්‍ය බලධාරීන්ද නිරන්තරව ප්‍රකාශ කරයි.
 
මෙම අවදානම් තත්වය සැලකිළ්ලට ගනිමින් නිෂ්පාදන කර්මාන්ත සඳහා විශේෂිත වූ වෛද්‍ය උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කිරීමේ ක්‍ෂණික අවශ්‍යතාවයක් ඇති බව නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
 
එනිසා එවැනි විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඒ සඳහා පහත දැක්වෙන යෝජනා හත ඇතුළත් කරන ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.
 
 
යෝජනා හතක් :
 
 
01. නිදහස් වෙළඳ කලාපවල සහ ඇගළුම් කර්මාන්තශාලාවල ආසාදිතයන් බවට පත්වන සේවක සේවිකාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම නිදහස් වෙළඳ කලාප සහ ඇඟළුම් කර්මාන්තශාලා ආශ්‍රිතව වෛද්‍ය මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම,
 
 
02. තම ආයතනවල සේවකයන් නිරෝධායනය කිරීම සඳහා එම ආයතන විසින් පවත්වාගෙන යනු ලබන හුදකලා මධ්‍යස්ථාන පිහිටුවීම,
 
 
03. කර්මාන්තශාලාවල අවම සියයට 40 ක් සේවක සේවිකාවන් නිතිපතා පරීක්‍ෂණවලට ලක් කිරීමට නියම කිරීම,
 
 
04. කර්මාන්ත ශාලාවල මීටර් දෙකක පුද්ගලික දුරස්ථභාවය පවත්වාගෙන යාමට හැකි වන සේවක සංඛ්‍යාවන් පමණක් වරකට සේවයට කැඳවන ලෙසට උපදෙස් දීම සහ සේවයට නොකැඳවන සේවකයින් හට එම කාලය සඳහා වැටුප් සහිත නිවාඩු ලබාදීම,
 
 
05. කර්මාන්තශාලා දෛනිකව විශබීජහරණය කිරීම අනිවාර්ය කිරීම,
 
 
06. කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍රෛපාර්ශවීය කාර්ය සාධන බලකාය නියම කළ පරිදි සේව්‍ය සේවක දෙපාර්ශවයෙන් සැදුම්ලත් සෞඛ්‍ය කමිටු පිහිටුවීමටත්, වෘත්තීය සමිති ඇති සේවා ස්ථාන වල වෘත්තීය සමිතිවල නියෝජිතයන් එම සෞඛ්‍ය කමිටුවල නියෝජිතයන් බවට පත් කිරීමත් මෙසේ පත් කරනු ලබන සෞඛ්‍ය කමිටුවල නියෝජිතයින්ගේ නම් සහ තනතුරු ඇතුළත් වාර්ථාවක් ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබාදීමත්,
 
 
07. ආසාදිතයන් බවට පත්වන සේවකයන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින සේවකයන් සම්බන්‍ධයෙන් ඔවුන්ගේ නම්, සේවා ස්ථානයේ නම්, ලිපිනයන්, ඔවුන් ප්‍රතිකාර ගන්නා හෝ නිරෝධානයන පිහිටි ස්ථානය පිළිබඳ විස්තර ඇතුළත් දත්ත වාර්ථාවක් නිදහස් වෙළඳ කලාප කාර්යාවල පවත්වාගෙන යාම.
 
 

 
THE LEADER TV 
 
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම! 
 
 
ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්