අලි මිනිස් ගැටුම හේතුවෙන් ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන ශ්‍රී ලංකාවේ අලින් ආරක්ෂා කිරීමේ වැඩිපිළිවලක් සකස් කරන ලෙස බලධාරීන්
දැනුවත් කිරීමේ වැඩසටහනක් යාපනයේදී පවත්වා තිබේ.
 
අගෝස්තු 12 වැනි දිනට යෙදී තිබු ජාත්‍යන්තර අලි සුරක්ෂිතතා දිනය නිමිති කරගනිමින් යාපනය නගරයේ දූදරුවන් පිරිසක් විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කර ඇත.
 
අලින්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙස ලියන ලද පෝස්ටර් හා අලි රූ ප්‍රදර්ශනය කරමින් ජනතාව දැනුවත් කිරීමට දරුවන් පියවර ගෙන තිබුනි.
 
අලි මිනිස් ගැටුම් හේතුවෙන් මේ වන විට සැලකිය යුතු වන අලි ප්‍රමාණයක් නිරපරාදේ මිය ගොස් තිබෙන  අතරම තවත් වන අලින් විශාල  පිරිසක් විවිධ වූ අනතුරුවලින් මිය යන හෙයින් වන අලි සම්පතට බරපතල බලපෑමක් එල්ලවී ඇතැයි යාපනයේ දරුවන් එහිදී පෙන්වා දුන් බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
 
වගකිවයුතු බලධාරීන් මැදිහත්ව අලි මිනිස් ගැටුමට විධිමත් විසදුමක් දී වඳවෙමින් යන වන අලි සම්පත ආරක්ෂා කිරීමට පියවර ගත යුතු  යයි යාපනයේ දරුදැරියන් වැඩිදුරටත් ඉල්ලා සිටි බව ඔවුහු වැඩි දුරටත් පවසති.
 
01 106 304 1Childrec 
 
 
රටේ වැඩි කොටසක අලි මිනිස් ගැටුම්
 
 
ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්, දහ නමයකම අලි මිනිස් ගැටුම් පවතින බව රජය පසුගියදා පිළිගෙන තිබුනි.
 
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහ නමයක් තුළ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 133 ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වන බවයි රජය පවසන්නේ.
 
 
2020 වසරේ ජනපති උපදෙස
 
 
වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනි.
 
  
එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුනේ මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බවයි.
 
 
මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසභූමි අහිමිවූ අලි ගම් වැදීමෙන් වැඩිම හානිය සිදුවී ඇත්තේ අලින්ටය.
 
ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන පරිදි 2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි වී ඇති අතර වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබේ.
 
 
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා
 
 
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
 
 
වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි.
 
එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85ක් වේ.
 
2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම් නිසා අලි 327ක් සහ මිනිසුන් 113ක් මරණයට පත්ව තිබේ.
 
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වඩාත්ම උග්‍ර වූ වසර ලෙස  2019 වසර සටහන්ව ඇත.
 
අවසන්  වරට ශ්‍රී ලංකාවේ අලි සංගණනයක් සිදු කර ඇත්තේ  2011 වසරේදීය.
 
එම  දත්ත වලට අනුව ලංකාවේ අලි ගහනය 5879කි. ඉන් 55 දෙනෙකු වැඩුණු දළ ඇතුන් විය.
 

 
  
THE LEADER TV 
 
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම! 
 
 
ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්