නීතිඥ ස්වස්තිකා ආරුලිංගම් 
 
 ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තිරණ ගන්නා ජාතික කම්කරු උපදේශක සභාවේ රැස්වීමකට වෘත්තිය සමිති නියෝජනය කරමින් පළමු වතාවට කාන්තාවක් සහභාගි වී තිබේ.
 
වසර විස්සකට වඩා වැඩි ඉතිහාසයක් සහිත ජාතික කම්කරු උපදේශක සභාව 2021 වසරේ ජුලි මස 13 වැනිදා පැවැත්වු රැස්වීමට එක්සත් කම්කරු සම්මේලනය නියෝජනය කරමින් නීතිඥ ස්වස්තිකා ආරුලිංගම් සහභාගී වී ඇත.
 
ඇය එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරියද වන බව එම සංගමය පවසයි.
 
ලංකාවේ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන ලද පළමු වෘත්තිය සමිති කාන්තා නියෝජිතවරිය වන  ස්වස්තිකා ආරුලිංගම් තම පළමු රැස්වීමේ අත්දැකීම් විස්තර කරමින් පුවත්පතකට පවසා තිබුනේ එම රැස්වීමේ  සේවායෝජකයන්ගේ පාර්ශවයෙන් මෙන්ම වෘත්තීය සමිති පැත්තෙන් ද වෙනත් කාන්තා නියෝජනයක් තමන් නොදුටු බවයි.
 
"මුළු රැස්වීමේම මා හැර කාන්තාවන් 5 දෙනෙක් පමණ සිටියා. මට දැනගන්න ලැබුණා ඔවුන් කම්කරු දෙපාර්තමේන්තුව, BOI ආදිය නියෝජනය කරන නිලධාරිණියන් බව, ඒ නිසා ජාතික කම්කරු උපදේශක සභාවේ කාන්තාවන් නියෝජනය අඩු බව පැහැදිලියි." ඇය 'වමේ හඩ' පුවත්පතට පවසා තිබේ.
 
තමන් ජාතික කම්කරු උපදේශක සභාවට (NLAC) නම් කිරීමෙන් පසු කාන්තා නායකත්වයන් ඇති සමිති ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් NLAC සභාවේ මතු නොකළ ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කළ බව පවසන ස්වස්තිකා ආරුලිංගම් විශ්වාසය පළ කර තිබුනේ, තමන් NLAC වෙත ගෙන එන ගැටළු වලට විසඳුම් ලබා ගැනීම සදහා අනෙක් වෘත්තීය සමිති නියෝජිතයන් සහාය දෙනු ඇති බවයි.
 
කාන්තාවන් සෑම විටම වෘත්තීය සමිතිවලට නායකත්වය දිය යුතු බව පෙන්වා දෙන ස්වස්තිකා ආරුලිංගම් එහිදී වැඩි දුරටත් පවසා තිබුනේ, වෘත්තීය සමිති නායිකාවන් ලෙස කාන්තාවන්ට ඉදිරියට ඒමට ඇති බාධාවන් අතර පිරිමි  වෘත්තීය සමිති නායකයන් කාන්තාවන්ට ද්විතියික ලෙස සලකන තත්වයක් පවතින බවයි.
 
 
"සමහර පිරිමි වෘත්තීය සමිති නායකයන් කාන්තාවන්ට නියෝජිත අවකාශයන් වෙත ප්‍රවේශ වීම පවා සක්‍රීයව වළක්වන ආකාරය මම අත්දැක තියෙනවා."
 
 
ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයන් පවසන පරිදි 1995 වසරේ පමණ සිට ජාතික කම්කරු උපදේශක සභාව මෙරට තුළ සක්‍රීයව ක්‍රියාත්මක වේ.
 
එය කම්කරු දෙපාර්තමේන්තුව, වෘත්තිය සමිති නායකයන් සහ හාම්පුතුන්ගෙන් සමන්විත සභාවකි.
 
රටේ කම්කරුවන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කර ජාතික කම්කරු උපදේශක සභාව  මගින් ගන්නා තීන්දු තීරණ කම්කරු ඇමැති හරහා කැබිනට් මණ්ඩලයට යොමු කරනු ලබයි.
 
එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වෙළද කර්මාන්ත හා පොදු කම්කරු සංගමය, නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා කම්කරු සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, ලංකා වතු සේවා සංගමය, ලංකා කම්කරු සම්මේලනය, ඒකාබද්ධ වැවිලි සේවක සංගමය, වෙළද නාවිකයන්ගේ ජාතික සංගමය ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තිය සමිති 14 වේ.
 

 
 THE LEADER TV 
 
 
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම! 
 
  

 

ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා 

   

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්