හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත්දීන් විසින් දුෂණයට ලක්කර ඇතැයි
පැවසුන තරුණිය, මේවනවිටත් කන්‍යාවක් බව අධිකරණය හමුවේ තහවුරු වී තිබේ. 
 
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ ඉශාලිනි නම් තරුණියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවන ඉස්මත්දීන්,  2016 වසරේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ රාමචන්ද්‍රන් ශෂී කුමාරි නමැති තරුණියක් දුෂණය කර ඇති බවට ද පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණ.
 
කෙසේවුවද එම තරුණිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ, එම තරුණියගේ කන්‍යා පටල ප්‍රවේශයක ලක්ෂණ නොමැති බවයි. ඒ සම්බන්ධ වාර්තා පසුගියදා 16 දා අධිකරණය හමුවට ඉදිරිපත්ව ඇත. 
 
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල අගෝස්තු 16 දා නියෝග කළේය. 
 
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තබාගැනීමටද නියෝග කර ඇත. 
 
කෙසේවුවද ඉශාලිනි නමැති තරුණියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවේ. එම නඩුව ලබන 23දා කැඳවීමට නියමිතය.
 
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගේ මස්සිනා තරුණියක් දුෂණය කර ඇති බවට පුවත් සිරස්තල පලකළ මාධ්‍ය,  අධිකරණය විසින් ඔහුට ඇප ලබාදීමට හේතුවූ කාරණය වසන්කරනු ලැබිය. 
 
police info

 


 

THE LEADER TV 
 
 
කොරෝනා කාලේ ගැබිණි අම්මලා ආරක්ෂා වන්නේ කොහොමද? 
 
 
 
ලෝක්ඩවුන් එකට විරුද්ධ බැසිල් ලු ! 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්