වසංගත රෝග විද්‍යා ඒකකය කොවිඩ් ආසාදිත මරණ පිළිබඳ සකස් කරන විශේලේෂණ වාර්තාව සතිපතා ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කරනු ලබයි.
 
එහි නවතම වාර්තාව නිකුත් කර ඇත්තේ, අගෝස්තු 13 වැනි දිනයෙන් අවසන් වූ කාලසීමාව තුළ දත්ත අනුවයි.
 
එම වාර්තාවට අනුව මෙතෙක් මියගොස් ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් 51.3 % ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.
 
මේ දක්වා මියගොස් ඇති සමස්ත ආසාදියින්ගෙන් 76.7% ක් වයස අවුරුදු 60 ඉක්මවූවන් ය.
 
 
 
22.2% ක් අවුරුදු 30 ත් 59 ත් අතර වයස් ඛාණ්ඩයට අයත් ය.
 
වයස අවරුදු 09 ට අඩු දරුවන් 11 දෙනෙකු ද කොවිඩ් ආසාදිතව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ.
 
වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ වාර්තාවේ කොවිඩ් හේතුවෙන් නිවෙස් තුළ මියගොස් ඇති සංඛ්‍යාව 745 ක් ලෙස දැක්වෙන අතර 362 දෙනෙකු මියගොස් ඇත්තේ රෝහලට ඇතුළත් කිරීමට පෙරයි.
 
පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයින් 417 දෙනෙකු මියගොස් ඇති අතර මාත්‍රා දෙකම ලබාගෙන මියගොස් ඇති පුද්ගලයින් ගණන 63 කි.
 
  
මියගිය පුද්ගලයින්ගෙන් 91.7% ක් කිසිදු එන්නතක් ලබානොගත් පුද්ගලයින් ය. එහෙයි මේ මොහොත වැදගත් වන්නේ හැකි උපරිමයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමයි.
 
 
 
 
 
1906 අමතන්න 
 
 
බස්නාහිර පළාත තුළ මේ වනතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ
 
වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භකර ඇත. 
 
ඒ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමිනි.
 
මෙම ජංගම එන්නත්කරණය සිදුකර ගැනීමට අවශ්‍ය පුද්ගලයින්  0112860002 හෝ 1906 යන දුරකථන අංක ඔස්සේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අමතා ලියාපදිංචි වීමෙන් එන්නත්කරණය සිදුකර ගැනීමේ හැකියාව හා වැඩිදුර තොරතුරු ලබාගැනිමේ හැකියාව ඇත.
 
 
 
සබැඳි පුවත් :
 

 
THE LEADER TV 
 
ජීවිත රැසක් අනතුරේ ! : කෝවිඩ් නිව්මෝනියා එන්නත් හිඟයක් 
 
 
කොරෝනා කාලේ ගැබිණි අම්මලා ආරක්ෂා වන්නේ කොහොමද? 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්